ක්‍රීඩා පනතේ වෙනස් කළ යුතුම නීතිය
1973 ක්‍රීඩා පනතට සංශෝදන එක්කිරීමට අමාත්‍ය මහින්දානන්ද
අලුත්ගමගේ මහතා කටයුතු කළේ පෞද්ගලික න්යායපත්රයන්ට අනුවයි.සිය මතයට අනුකූල නැති
සංගම් පාලනයට පසුවඇමතිවරයා පනත යොදාගත්තා. එහෙත් පනතට එරහිව සංගම්වල නිලධාරීන්
කටයුතු කළේ ජාත්‍යන්තර සංගම්වල ද සහය ලබාගනිමිනුයි. එහි එක් කොටසක් වුනේ ජාත්‍යන්තර
ඔලිම්පික් කමිටුවත් ලංකාවට මැදිහත්වීමයි.
2016 පැනවූ නව නීතිවලට අනුව සංගමයක
සභාපති වීමට නම් ඹහු එම ක්‍රීඩාව කර ඇති හිටපු ක්‍රීඩකයකු විය යුතුයි. එය
ගොන්ම ගොන් තීරණයක්. ලොව කිසිදු හොද ක්‍රීඩකයකු
සාර් ථක පරිපාලකයකු වී නැහැ. 1996 ලෝක කුසලානය අපේ රට
දිනා ගනිද්දී පුහුණුකරු වුනේ ඩේව් වට්මොර් මහතායි. ඔහු හොද ක්‍රීඩකයෙක් නොවේ.එය
නොදත් මහින්දානන්ද ඇමැත්තා මෙම නීතිය ගෙනාවාට කිසිදු සැකයක් නැහැ.
මෙම නීතියට අනුව නව ක්‍රීඩා මෙරටට හදුන්වාදීමේ හැකියාවක්
නැහැ. නව නීතියෙන් වැඩිම අසාදාරණය සිදුව ඇත්තේ නව සංගමයක් වන පෙන්ටැත්තලන්
සංගමයටයි. එය කළ ක්‍රීඩකයකු මෙරට නැති නිසාවෙනුයි. මේ අනුව මෙම සංගමයට මෙරට අතාගතයක්
නැහැ. එහෙත් ඔවුන් ජාත්‍යන්තර
පදක්කම් දිනා අවසන්.
ක්‍රීඩා නීතිය යලි වෙනස්
කරන බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසා තිබෙනවා එහිනට මෙම නීතියද වෙනස් විය
යුතුමයි.
No comments