Monday, May 22, 2017

ලංකාවට එරහිව ස්කොට්ලන්තයට ඉතිහාසගතවන ජයක්


එංගලන්ත සංචාරයේ පළමු පුහුණු තරගයේදී ශ්‍රී ලංකාව සමගින් ස්කොට්ලන්තය තරග වැදුනා. එහි කාසියේ වාසිය දිනාගත්තේ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්. ඒ අනුව පළමුව පිතිකරණයයි ඔහු තෝරා ගත්තේ. ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් ලෙස කුසල් සමගින් උපුල් තරංගයි ඉනිම ආරම්භ කළේ. කුසල් ලකුණු 57 ක් ලබාගත්තා. වැඩිම ලකුණු ලාභියා වෙමින් කුසල් ලකුණු 79 ක් ලබාගත්තේ අනගි ඉනිමක් ක්‍රීඩා කරමිනුයි. වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් චාමර කපුගෙදර ලකුණු 71 ක් ලබාගත්තා. එහෙත් අවසන් කඩුලු 5 දැවීගියේ ලකුණු 13 ක් තුලයි. පසුපෙළ පිතිකරුවන් අසාර් ථක වීම ඊට හේතුවයි. මේ අනුව ලංකාව සියලුදෙනා දැවී ලබාගත්තේ ලතුණු 287 ක් පමණයි.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කල ස්කොට් ලන්තය වෙනුවෙන් සාර් ළුක ආරම්භයක් ආරම්භක පිතිකරුවන් යුගලය ලබාගත්තා. ලකුණු 201 ක සබදතාවක් ඹවුන් ලබාගත්තා. මැතිව් කෙෘස් ලකුණු 106 යි. ක්ලේ කොට්සර් ලකුණු 118 ක් ඉනිමට එක්ළා. ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අනුකම්පා විරහිතව පහර දෙමින් කඩුලු 3 කට ලකුණු 291ක් ලබා ගනිමින් ජය වාර් තා කළා. දැඩි පහරකෑමකට ලක්වූ ලක්ෂාන් සදකැන් පන්දුවාර 10 ම යවා ලකුණු 66 ක් ලබා දුන්නා. දුර් වල පන්දු යවීමක නිරතවූ තිසර පෙරේරා පන්දුවාර 8 කුත් පන්දු 5 කට ලකුණු 62 ක් ලබාදුන්නා.  ඒ වන විට තවත් පන්දු 43 ක් ඉතිරිව තිබීම කැපීපෙනෙනවා. ඔවුන් කඩුලු 7 කින් මේ ලැබූ ජය ඉතිහාස ගතවනවා. මේ අනුව ලංකාවට මීලග තරගය ලබන 26 වැනිදා ඹ්ස්ට්‍රේලියාව සමගින් තරග වැදීමට නියමිතයි. 

No comments:

Post a Comment