Wednesday, May 24, 2017

පළමු පෙළ ක්‍රිකට් පිටියෙනුත් සමුගන්න සංගක්කාර

කුමාර සංගක්කාර යනු ලංකාවෙන් බිහිවූ දක්ෂ ක්‍රිකට් තරුවක්. සංගක්කාර පළමුවරටයි පළමුපෙල තරගයකට මෙරටදී ක්‍රිඩා කරනු ලැබුවේ 1997 / 98 වසරේදීයි. එතැන් සිට ඇරඹුණු ඹහුගේ ක්‍රිකට් දිවිය අභියෝගාත්මක වුණා. 2000 වසරේදී මෙරට එක්දින කණ්ඩායමට එක්වුණු ඹහු එම වසරේදීම ටෙස්ට් වරම් දිනාගත්තා. ශ්‍රී ලංකා නායකත්වය දැරීමටත් ඹහු වාසනාවන්ත වුණා. 2015 වසවරේ ඔහු එක්දින සහ ටෙස්ට් පිටියෙන් සමුගත්තා.නායකත්වයෙන් පන්නන තුරු නොසිට අභිමානවත්ව සංගා සමුගැනීම සටහන් කළා. 2015 ටෙස්ට් පිටියෙන් සමුගන්නා විටි ලකුණු 12 400 ක්  සහ එක්දින පිටියෙන් එම වයරේදීම සමුගන්නා විට ලකුණු 12 234 ක් ලබා සටියේ ඉනිම 404 කට ක්‍රීඩා කරමිනුයි.

මෙවර සරේ ප්‍රාන්ත කණ්ඩායමට එක්වූ ඔහු මිඩ්ල්සෙක්ස් ප්‍රාන්ත කණ්ඩායමට එරහිව ඉනිම දෙකේදීම ශතක ලබාගැනීමට සමත්වුණා. මෙම තරගයේදී මෙරට පළමු ක්‍රීඩකයාවෙමින් ලකුණු 20 000 සීමාව පසුකිරීමට සංගා සමත්වුණා. මෙතෙක් තමන් පැමිණි දුර ගැන සතුටුවන බවයි ඔහු කියා සිටියේ. තවත් දින 56 කින් හෙවත් ලබන ඔක්තෝම්බර් 27 වන විට 40 වන වියට ඔහු පා තබනවා. 40 වන උපන්දිනය සැමිරීමට සිටින මොහොතක සමුගැනීම සටහන්කිරීමට ලැබිම ගැන තමන් ඉතාම සතුටුවන බවයි ඔහු කියාසිටියේ. ක්‍රිකට් වලට කුමන හෝ පැත්තකින් සම්බන්ධව මෙරට ක්‍රිකට් බැබලවීමට කුමාර් සංගක්කාරට අවස්ථාව ලැබේවා යන්නයි අපගේ මෙන්ම බොහෝ දෙනාගේ බලාපොරොත්තුව වී ඇත්තේ.  

No comments:

Post a Comment