වැමිපියන්ස් කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකාව සමග පැවති
පුහුණු තරගය කඩුුලු 02 කින් ජය ගැනීමට ඹ්ස්ට්‍රේලියාව සමත් වුණා. තරගයය පැවැත්වුනේ
ලන්ඩනයේ ඕවල් ක්‍රීඩා පිටියේදීයි.
මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ ඹ්ස්ට්‍රේලියාවයි.
ඹ්ස්ට්‍රේලියා නායක ඩේවිඩ් වෝන ශ්‍රී ලංකාවට පළමුව පන්දුවට පහරදීමට ආරාධනා කළා. ඒ
අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය වුනේ කඩුලු රැකීමේ ක්‍රීඩක
නිරෝෂන් දික්වැල්ල සමගින් උපුල් තරංගයි. ඹවුන් දෙදෙනා ලකුණු 49 ක සබදතාවක් ගොඩ
නැගුවා. දික්වැල්ල ලකුණුු 41 ක් ලබාගත්තා. පළමු කඩුලු 5 මුලු ලකුණු 152 ක් වෙද්දී
දැවීගියා. අනතුරුව නායක්වයේ වගකීම් සහිත ඉනිමක් ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු
95 ක් ඉනිමට එක්කළා. අසේල ගුණරත්න නායකයාට සහය වෙමින් අනගි ඉනිමක් ක්‍රීඩා කළා.
ඔහු නොදැවී ලකුණු 70 ක් රැස් තළා. වේගවත්
ඉණිමක් ක්‍රීඩා කළ සීකුගේ ප්‍රසන්න පන්දු 19 කදී ලකුණු 31 ක් ලබාගත්තා. ඊට හයේ පහර
3 ක් සහ එක් හතරේ පහරක් ඇතුලත්. මේ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේ තඩුලු 7 ක්
දැවී ලකුණු 318 ක් ලබාගත්තා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ඹ්ස්ට්‍රේලියාව කඩුලු 8 ක්
පමණක්දැවී නියමිත ඉලක්කය පසුකර පාමට සමත් වුණා. ආරම්භක පිතිකරු ආරෝන් ෆින්ච් ලකුණු
137 ක් ලබා ගැනීමට සමත්වුණා. ඹ්ස්ට්‍රේලියානු ලිතිකරුවන් මෙල්ල කිරීමට ශ්‍රී ලංකා
පන්දු යවන්නන් 08 දෙනෙකු යොදාගත්තා.
No comments:
Post a Comment