Sunday, May 28, 2017

ක්‍රීඩා භාණ්ඩ ආනයනකරුවන්ට ක්‍රීඩා අමාත්‍යාංශයත් යටවෙලා ?

ජාතික බැඩ්මින්ටන් නිලවරණය ලබන මස 13 වැනිදා පැවැත්වීමට නියමිතයි. එහි සභාපතිධුරයට පුද්ගලයන් 08 දෙනෙකු ඉදිරිපත්වී සිටිනවා. තවත් 05 දෙනෙකු නාමයෝජනා ලබාදී ඇත්තේ ලේඛම් තනතුර සදහායි. ඒ අතර ක්ලැරන්ස් සෝම මහතාද සිටිනවා. කෙසේ වෙතත් ඹහු බැඩ්මින්ටන් භාන්ඩ ආනයනය කර විකිණීමේ නිරතව සිටින්නෙක්. අලුත් ක්‍රීඩා පනතට අනුව ක්‍රීඩා භාන්ඩ ආනයනය කර විකුණන්නට සංගම් සදහා ඉදිරිපත්වීමට හැකියාවක් නැහැ. මේ අනුව ඹහුගේ ඉදිරිපත්වීමට එරෙහිව පිරිසක් විරෝධතාවක් ඉදිරිපත්කර තිබෙනවා. මේ අනුව විරෝධතාව විභාග කිරීමට නියමිතව තිබුනේ පසුගිය 26 වන සිකුරාදායි. එහෙත් හේතු දැනුම් දීමකින් තොරව එය කල් දැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගත්තා. මෙය බොහෝ දෙනෙකුගේ විමතියට හේතු වී තිබෙනවා.
නව බැඩ්මින්ටන් තරු බිහිවීමට නම් වැඩිපුර තරගාවලි සංවිධානය විය යුතුයි. එහෙත්  පත්වීමට ඉල්ලුම් කර ඇති කිසිම සභාපතිවරයකුට ඒ සදහා වැඩපිලිවලක් නැහැ. මෙරට ක්‍රීඩා සංගම් අතර වැඩිම අර් බුද ඇත්තේ බැඩ්මින්ටන් සංගමයේයි. එයට හේතු වී ඇත්තේ දෙමාපියන්ගේ අනවශ්‍ය මැදිහත්වීමයි. එයට එරෙහිව මෙතෙක් සභාපතිවරුන්ට ක්‍රීයාමාර් ග ගත නොහැකි වී ඇත්තේ දෙමාපියන්ගේ සහය ඇතිව බලයට පැමිණ තිබීම හේතුවෙනුයි. පසුගිය වසර 08 පුරාම සංගමය විගණනය කර නැහැ. එයට සංගමය මෙන්ම ක්‍රීඩා බලධාරීන්ද වගකිව යුතුයි.

ක්‍රීඩා අමාත්‍යාංශය හැම විටම ස්වාධීන විය යුතුයි. වර් ථමානයේ ඇතිව ඇති තත්වයට අනුව වෙළදුන්ගේ මුදල් වලට ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන් යටව ඇති තත්වයකුයි නිර් මාණය වී ඇත්තේ.  මෙම තත්වය තුල ඉදිරියේද ක්‍රීඩා සංගම් පරිපාලනයට එරෙහිව ක්‍රීඩා අමාත්‍යාංශයට නිහඩව සිටීමට සිදුවනු ඇති.

No comments:

Post a Comment