ශ්‍රී ලංකාව තවත් පරාජයක් නවසීන්තය හමුවේ ලබයි. එය කඩුලු
06 ක ජයක් බවට පරිවර් තනය කර ගැනීමට ඔවුන් සමත් වුණා.
චැම්පියන්ස් කුසලාන තරගාවලිය ආරම්භයට පෙර ශ්‍රී ලංකා
කණ්ඩායම , නවසීලන්ත කණ්ඩායම සමගින් පුහුණු තරගයකට එක්වුණා. මෙය ශ්‍රී ලංකාව
සහභාගීවූ දෙවන පුහුණු තරගයයි. පළමු පුහුණු තරගයේදී ඹ්ස්ට්‍රේලියාව හමුවේ ශ්‍රී
ලකාව පරජයවූවා. මේ අනුව දෙවන තරගය ඉතා තීරණාත්මකයි. එහෙත් මෙම තරගයේ ශ්‍රී ලංකාව
මෙහෙයවූවේ උපුල් තරංගයි. මේ අනුව දෙවන
පුහුණු තරගයේ කාසියේ වාසිය දිනාගත්තේ නවසීලන්තයයි. ඒ අනුව ඹවුන් පළමුව පන්දුවට
පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළා.
මේ අනුව නිරෝෂන් දික්වැල්ල සමගින් ඉනිම ආරම්භ කළේ උපුල්
තරංගයි. ආරම්භක පිතිකරු සබදතාව ලකුණු 65 කට සීමාවුණා. වේගවත් ඉනිමක් ක්‍රීඩාකළ
කුසල් මෙන්ඩිස් ලකුණු 57 ක් රැස්කළා. නායකත්ව ඉනිමක් ක්‍රීඩා කළ උපුල් පන්දු 104
කදී ලකුණු 110 ක් ලබාගත්තා. අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් දිනේෂ් චන්දිමාල් ඉනිමට
ලකුණු 55 ක් එක්කළා. නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවි ලංකාව ලකුණු 356
ක් ලබා ගත්තා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කල නවසීලන්තය කඩුලු 4 ක් පමණක්
දැවී ලකුණු 359 ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කළා. එහිදී විශිෂ්ඨ ඉනිමක නිරත වූ
මාටින් ගප්ටිල් නොදැවීි ලකුණු 116 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී පන්දු යවන්නන් 07
දෙනෙකු යොදාගත්තත් ප්‍රතිඵලයක් වූයේ නැහැ. නායක කෙන් විලියම්සන් නොදැවී තවත් ලකුණු
88 ක් රැස්කළා. කිසිදු ලාංකික පන්දු යවන්නකුට සාර්ථකවීමට හැකිවූයේ නැහැ. ලසිත් මාලිංග සමගින් නිත්‍ය නායක ඇන්ජලෝ
මැතිවුස් විවේක ගැන්වීම හේතුවෙන් මෙම තරගයට ක්‍රීඩා කලේ නැහැ. ශ්‍රී ලංකාවට චැම්පියන්ස් කුසලාන තරගාවලියේ
පළමු තරගය ලබන 03 වැනිදා දකුණු අප්‍රිකාව සමගින් පැවැත්වූමට නියමිතයි.
No comments:
Post a Comment