Wednesday, May 31, 2017

ලංකාවෙ දුවල වෙඩි තියන්න දක්ෂය කවුද?

ලංකාවේ මිනිස්සු වැඩියෙන්ම දක්ෂ ක්‍රීඩාව තමයි අනෙකාව පහලට ඇද දැද දමමින් බාධක දිවීමේ ක්‍රීඩාව. ඒකෙ නිරත වෙලා ඉන්න ගමන් ඇත්ත ක්‍රීඩාවක නිරත වෙන්නත් අවස්ථාවක් ලැබිල. ඒ ලංකාවට අලුතින් හදුන්වාදුන් මොඩර් න් පෙන්ටැත්තලන් ක්‍රීඩාව. මේක අපිට අලුත් ක්‍රීඩාවක් වුණාට ලෝකෙට නම් අලුත් නෑ. මේ ක්‍රීඩාව අපේ රටට හදුන්වාදී දැන් ටිකක් කල්. මේ ක්‍රීඩාව ඔලිම්පික් ක්‍රීඩාවක්. මොඩන් පෙන්ටැත්තලන් ක්‍රීඩාව යටතේ ලේසර් රන් ලෝක ශූරතාව මේ වසරේදී පැවැත්වීමට නියමිතයි.මෙම ලොක ශූරතාවට ලංකාවෙන් යවන්න දක්ෂයින්ව තෝරා ගත යුතුයි. එම දක්ෂයින් තොරා ගැනීම සදහා ජාතික ලේර්ස රන් තරගාවලියක් ලබන 25 වැනිදා පැවැත්වෙනවා. ඒ ශ්‍රී ජයවර්ධ ධනපුර පිහිටි කමත පරිශ්‍රයේදීයි. මෙහිදී සිදුකල යුතු වන්නේ මීටර් 400/800 ක දුරක් දිව විත් ඉලක්කයට වෙඩි තබා නැවත මීටර් 400/800 ක දුරක් දිව යාමයි. මෙවර තරගාවලිය ඛාණ්ඩ කිහිපයක් යටතේ පැවැත්වෙනවා. ඒ වයස 11න් පහළ , 15 න් පහළ , 17 න් පහළ සහ විවෘත ලෙසයි. එක් අංශයකින් අවසන් තරගයට 15 දෙනෙකු තෝරා ගනු ලබනවා.

මේ වන විටත් ප්‍රධාන ජාතික සංගමයේ සාමාජිකත්වය දරන ශාඛා සංගම් 6 ක් තිබෙනවා. මේ නිසා තරගයට 200 කට අධික තරගකරුවන් පිරිසක් සහභාගී වනු ඇතැයි ජාතික සංගමය බලාපොරොත්තු වනවා. මෙහිදී තෝරා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ත්‍යාග වලට අමතරව ජාත්‍යන්තර තරගාවලිය සදහා සුදුසුකම් ලැබීමේ අවස්ථාවත් හිමිවනවා. මෙම ක්‍රීඩාව ලෝකයේ ප්‍රචලිත වී ඇත්තේ මානසික ඒකාග්‍රතාව ඇතිකරන ක්‍රීඩාවක් ලෙසයි. දිවීමෙන් පසු ඉලක්කයට වෙඩි තැබීම සදහා මනස ඒකාග්‍ර කරගත යුතුයි. ඒ නිසයි සියළුම ක්‍රීඩාවල නිරතවන්නන්ට අමතර ක්‍රීඩාවක් ලෙස මෙම ක්‍රීඩාව කිරීමට නිර්දේශ කර ඇත්තේ.


No comments:

Post a Comment