මැතිව්ස්ගේ නොන්ඩිය
ශ්‍රී ලංකා කොල්ලො වසයි.. යකඩ බෝල දෙකට පළයි කියන සිංදුව
දැන් සුරංගනා කථාවක් වී අවසන්. මෙවර තරගාවලියට ලංකාවට මුහුණදීමට සිදුව ඇත්තේ
සුක්ඛානමේ අඩුපාඩු සහිතවයි. ශ්‍රී ලංකා නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් යලි පාදයේ ආබාධයෙන්
වේදනා විදිනවා. මේ හේතුවෙන් චැම්පියන්ස් කුසලාන තරගාවලියට පෙර නවසීලන්තය සමග පැවති
දෙවන පුහුණු තරගයට ක්‍රීඩා කලේ නැ. එහි
ඕස්ට්‍රේලියාව සමග පැවති පළමු පුහුණු තරගයේදී මැතිව්ස් පන්දු 106 කට ලකුණු 95 ක්
ලබා ගත්තා. එහිදී පන්දුවාර දෙකක්ද මැතිව්ස් යොමුකළා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ මැතිව්ස්
ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගයට ක්‍රීඩා නොකරන බවයි. මැතිව්ස් ආබාධයට වෛද්‍ය
උපදෙස් ලබාගන්නා බවත් එහි සදහන්. මැතිව්ස් ක්‍රීඩා නොකරන දකුණු අප්‍රිකාව සමග වන
පළමු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන්නේ උප නායක උපුල් තරංග බවත් ක්‍රිකට්
ආයතන නිවේදනයේ සදහන්. මැතිව්ස්ගේ ආබාධය දරුණු නැතැයි සදහන්. ඉදිරි දින 6 දී ආබාධය
සුව වනු ඇතැයි සදහන්. ක්‍රිකට් ආයතන ප්‍රකාශකයකු කියා සිටියේ මැතිව්ස් අනෙක් තරග
වලට ක්‍රීඩා කළද පන්දු යැවීමේ නිරත නොවනු ඇති බවයි. තරගාවලිය එංගලන්තයේදී පැවැත්වීම
හේතුවෙන් වේග පන්දු යවන්නන්ට අමතර වාසියක් පවතිනවා. කෙසේ වෙතත් මැතිව්ස්ගේ
පන්දුවාර අහිමිවීම කණ්ඩායමට දැඩිව දැනෙනු ඇති.
තරගාවලි
ඉතිහාසයට අනුව 1998 - Semi-finalists / 2000 - Knocked
out at first stage/ 2002 - Joint-champions/ 2004 - Knocked out at group
stage/ 2006 - Knocked out at group stage/ 2009 - Knocked out at group
stage/ 2013 - Semi-finalists ලෙස සටහන්ව තිබෙනවා. ඒ අනුව මෙවර ලංකාවේ තැන කෙසේ තීරණය
වනු ඇත්දැයි බොහෝ දෙනෙකු බලා සිටිනවා.
No comments