Monday, May 22, 2017

මුම්බායි කණ්ඩායම IPL 2017 ශූරතාව දිනයි

මෙවර IPL තරගාවලිසේ ශූරතාව දිනා ගත්තේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි. එක ලකුණක තියුණු ජයක් ලෙස එය සනිටුහන් වුණා. මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ මුම්බායි නායක ඉෂාන්ට් ෂර් මායි. ඒ අනුව ඔහු පළමුව පන්දුවට පහරදීමයි තෝරා ගත්තේ. මේ අනුව පිටියට පිවිසි මුම්බායි කණ්ඩායම රැස්කලේ කඩුලු 8 ක් දැවී ලකුණු 129 ක් පමණයි. එහිදී වැඩිම ලකුණු ලාභියා වෙමින් කෘනල් පාල්ඩයා ලකුණු 47 ක් ලබාගත්තා.
මේ අනුව ලකුණු 130 ක ජයග්‍රහී ඉලක්කය හඹායාමට පනේ ක්‍රීඩකයින් පිටියට පිවිසියා. අප තරගයට පෙර සිටම පැවසූ ලෙස මෙය පණ්දු යවන්නන්ගේ තරගයක් වුණා. ඒ අනුව තරගයේ මුල සිටම පණ්දු යවන්නන් තරගයේ පාලනය අතට ගත්තා. නායක ස්ටීවන් ස්මිත් ලකුණු 51 ක් ලබාගත්තා. අවසන් පන්දුවාරයේ ජයග්‍රහනයට ලකුණු 12 ක් ලබාගත යුතු වුණා. එම තීරණාත්මක පන්දුවාරය යැවීමට පැවරුනේ මිචිල් ජොන්සන්ටයි. අවසන් පණ්දුවේදී ලකුණු 2 ක් ලබාගත යුතු වුණා. එහෙත් දැවීයාමක් පමණයි පුනේ කණ්ඩායමට පහිමිවුණේ. . ඒ අනුව පුනේ කණ්ඩායමට ලබාගත හැකිවුනේ ලකුණු 128ක් පමණයි.  මේ අනුව පණ්දු යවන්නන්ගේ පිහිටෙන් මුම්බායි කණ්ඩායමට ශූරයින් බවට පත්වීමට හැකිවුණා.

තරගයේ වීරයා සම්මානය දිනාගත්තේ පාන්ඩයායි. පිත්තෙන් ඹහු දැත්වූ දායකත්වයයි මෙම සමමානය දිනාගැනීමට හේතුවුනේ. ලසිත් මාලිංගට කඩුලු දවාගැනීමට හැකිවූයේ නැහැ.එහෙත් පන්දුවාර 4 තුල ඔහු ලබාදුන්නේ ලකුණු 21 ක් පමණයි. 

No comments:

Post a Comment