• Breaking News

    ක්‍රිකට් දනගස්වන ඇමති තීරණය මාස 03 කින්

    ශ‍්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳ තමන් සෑහීමකට පත් නොවන බව ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. තමන් මෙම සංචිතයට අනුමැතිය ලබා දුන්නේ ශාරීරික යෝග්‍යතාව වර්ධනය කර ගන්නා බවට ක‍්‍රිකට් ආයතනය ලබා දුන් පොරොන්දුව මත බවයි ඔහු සඳහන් කළේ.
    "ක්‍රීඩකයින්ගේ ෆිට්නස් ගැන අවසන් තීරණයකට ඇවිත් තමයි මම කතා කරන්නේ. ඒ නිසා මම කිව්ව දේ අනුව කටයුතු කළා නම් මේක අත්සන් කරන්න බැහැ. ඒත් මම කණ්ඩායමට අනුමැතිය දුන්නා.. ඒ ඉදිරියේදී ඔවුන්ගේ යෝග්‍යතාව වර්ධනය කර ගන්නා බවට දීපු පොරොන්දුව මතයි. මාධ්‍ය තුළත් මාව විවේචනය කළේ මේක කරේ නැතුව කිව්ව නිසානේ. කොහොම වුනත් සෑහිමකට පත්වෙන්න පුලුවන් යෝග්‍යතාවයක් කණ්ඩායමේ ක්‍රීඩකයන් තුළ තවම නැහැ. නමුත් ඔවුන් තුළ යෝග්‍යතාව වර්ධනය කර ගැනීමේ වැඩපිළිවෙල් තිබෙනවා. ඒ නිසා තවත් මාස 03 ක් ඇතුළත ඒ පිළිබඳව යළි පරීක්ෂා කර ලබනවා. ඒ අනුව ඉදිරි තීරණ ගන්න වෙයි."
    ශ‍්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු එක්දින ක‍්‍රිකට් තරගය ගාල්ල අන්තර් ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ දී හෙට (30) පැවැත්වීමට නියමිතව තිබෙනවා. දෙරට අතර එක්දින තරග 05ක් ටෙස්ට් තරගයක් ද පැවැත්වීමට නියමිතයි. 

    No comments