ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර එක්දින තරග 02 ක් ගාල්ල
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. වසර 17 කට
පසුවයි ගාල්ලේ ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්වීමට සුදානම් වන්නේ. ශ්‍රී ලංකාව සහ
සංචාරක සිම්බාබ්වේ අතර එක්දින තරග 05 ක් සහ එක් ටෙස්ට් තරගයක් පැවැත්වීමටයි
නියමිතව ඇත්තේ. එහෙත් මෙම තරගාවලියට කිසිදු පන්දුවාර 20 තරගයක් ඇතුලත්ව නැති වීමත්
කැපී පෙනෙනවා. මෙම තරගාවලියේ එක්දින තරග දෙකක් ගාල්ලේ පැවැත්වෙද්දී එක්දින තරග
තුනක් පැවැත්වීමට නියමිතව ඇත්තේ හම්බන්තොටයි. එකම ටෙස්ට් තරගය පැවැත්වීමට නියමිතව
ඇත්තේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීකට් ක්‍රීඩා පිටියේයි. තරගාවලිය ලබන ජුනි 30 වැනිදා
සිට ජුලි 18 වැනිදා දක්වා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
No comments:
Post a Comment