රම්බල් ඉන් ජංගල් 2017 තරගාවලිය ලංකාවේ
ලංකාවෙ බොහෝ දෙනෙක් කැලේ
යන්න දක්ෂයි. එ හින්දමද කොහෙද වාහන බෙහෝමයක් අනතුරු වලට ලක්වෙන්නෙ නියමිත මාර්
ගයෙන් ඉවතට පැනීම නිසයි. කථාවට කියන්නේ වාහනේ කැලේ ගිහින් කියලා. මේ නිසාම මාර්
ගයෙන් ඉවත ගල් මුල් උඩින් පාරක ජය කනුව සොයා යන ජාත්‍යන්තර තරගයක් ලංකාවෙ
පැවැත්වීමට නියමිත වනවා. රම්බල් ඉන් ජංගල් 2017 ජාත්‍යන්තර තරගාවලිය ලබන 13 වැනිදා
කුඩාඔය හිදී පැවැත්වෙනවා. මවුන්ටන් පාපැදි වලින් මෙහි තරගකරුවන් තරග වදිනවා.
මවුන්ටන් පාපැදි සංගමයේ අතහිත ඇතිව තරගාවලිය සංවිධානය කරන්නේ LSR සංගමයයි.
අදියර 04 ක් යටතේ මෙම
තරගය පැවැත්වෙනවා. පළමු අදියර කුඩා ඔය සිට හපුතලේ දක්වා පැවැත්වෙනවා. 14 වැනිදා
හපුතලේ ඇතුලත ධාවන පථයක තරගය පැවැත්වෙනවා. ඒ සාදන ලද මාර් ගයක නොවෙයි. ගල් මුල්
පිරුණු මාර් ගයෙන් පටත කොටසකයි. 15 වැනිදා තරගකරුවන් හපුතලේ සිට ගල් මුල් පිරිණු
මාර් ගයෙන් නුවර එලිය දක්වා පැමිණිය යුතු වනවා. පසුව තරග අවසන් දිනයේදී (16) නුවරඑළියේ
සිට මහනුවර පේරාදෙනිය විශ්වවිද්‍යාලය දක්වා පැමිණ තරගය නිමා කළ යුතුයි. ජයග්‍රාහකයින්ට
න්‍යාග සහ සහතික පත්ද මුදල් ත්‍යාග හිමිවනවා. එමෙන්ම තරගය නිමා කරන සියල්ලන්ටම න්‍යාග
සහ සහතික හිමිවනවා. පසුගිය වසරේ පැවති තරගයට ජපානය / නේපාලය / ඕලන්දය සහ ඕස්ට්‍රේලියාව
නියෝජනය කරමින් තරගකරුවන් ඊට සහභාගී වූණා. මෙවර තරගාවලිය සංවිධානය කර ඇත්තේ 03 වන
වරටයි. තරගයට එක්වන්නන් 04 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ලෙසයි තරග වැදිය යුත්තේ. ශ්‍රී
ලංකාව නියෝජනය කරන සිව්දෙනා තොරා ගන්නා තේරීම් තරගය 07 වැනිදා මාදිවලදී පැවැත්වීමටයි
නියමිතව ඇත්තේ.
No comments