ශ්‍රී ලංකාවේ මෝටර් රථ ධාවන තරඟ අතර ප්‍රමුඛතම තරඟාවලියක් වන “කැවල්රි සුපර් ක්‍රොස් 2017 “ ලබන ජුලි මස 7 වන දා කුරුණැගල පාන්ගොල්ල ධාවන පථයේදී ඇරඹිමට නියමිතයි. ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය (SLAC) සහ . ශ්‍රී ලංකා මෝටර් රථ රියදුරන්ගේ සහ ධාවකයින්ගේ සංගමය (SLARDAR) ඒකාබද්ධව මෙම තරඟාවලිය සංවිධානය කරයි.
කැවල්රි සුපර් ක්‍රොස් තරඟාවලිය කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වත්මන් උපකුලපති (ආරක්ෂක සහ පරිපාලන) බ්‍රිගේඩියර් ඉදුනිල් රණසිංහ ගේ සංකල්පයක් මත වසර 2010 දී ආරම්භ කෙරිණ. යුද්ධයේදී මියගිය රණ විරුවන්ගේ පවුල් සහ ආබාධිත තත්වයට පත් රණ විරුවන්ගේ සුභ සාධනය සඳහා ආධාර වශයෙන් ඇරඹි මෙම ධාවන තරගාවලියෙන් ලැබෙන ආදායම හමුදා කඳුවරු වල පහසුකම් නැංවීම යටතේ නිලධාරි සහ භට නිවස්නයන් අළුත්වැඩියා කිරීම සහ පහසුකම් නැංවීම, එම කඳවුරු අවට පරිසර අලංකරණය, සෞඛ්‍ය , සහ නේවාසිකාගාර , ආහාර ගැනීමේ පහසුකම් ආදී පහසුකම් වැඩිදියුණු කිරීමට ද යොදාගැනේ.
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණ දෙන නිලධාරි මේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ මූලිකත්වයෙන් කැවල්රි සුපර් ක්‍රොස් තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමට මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර එහිදී අදහස් දැක්වූ සංවිධායක කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් ඉදුනිල් රණසිංහ මහතා සඳහන් කළේ වසරින් වසර කැවල්රි සුපර් ක්‍රොස් අති සාර්ථක ලෙස ඉදිරියට යමින් පවතින බවයි. පසුගිය වසරවලදී ධාවකයින්ගේ දස්කම් විස්කම් දැක බලා ගැනීඹ සඳහා දහස් ගණන් ජනයා එක්රොක් වූ බව ද ඒ මහතා පෙන්වා දුන්නේය. අනිකුත් දේශිය හා ජාත්‍යන්තර තරඟවලට සහභාගි වීමට අවශ්‍ය පූර්ව සූදානමක් ලබාගත හැකි මෙම තරඟාවලිය නියම ප්‍රමිතීන්ට අනුව විශේෂයෙන් සැකසූ ධාවන පථයක පවත්වන බව ද බ්‍රිගේඩියර් වරයා පෙන්වා දුන්නේය.
2010 වසරේ සිට කැවල්රි සුපර් ක්‍රොස් තරගාවලිය විසින් ප්‍රමුඛතම ධාවකයින් සහ පැදිකරුවන් සහ ජාත්‍යන්තර තරඟ සදහා සහභාගි වන්නන් රැසක් බිහිකර තිබේ.පසුගිය වසරේදී හොඳම රියදුරා වූයේ උෂාන් පෙරේරා වන අතර ඉෂාන් දසනායක හොඳම පැදිකරු බවට පත්විය.පසුගිය වසරේදී කැවල්රි සුපර් ක්‍රොස් සදහා 150 කට අධික පිරිසක් සහභාගි වූ අතර ධාවන ඉසව් 12ක් සහ යතුරුපැදි ඉසව් 12ක් එම වසරේදී පැවැත්විණ.පසුගිය වසරවලදී මෙන් මෙම වසරේදී ද හොදම ධාවකයා සහ හොඳම පැදිකරු වෙනුවෙන් ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලාධාරි පළිහ සහ සොන්නා වන්ඩර් හොවෙන් අනුස්මරණ පලිහ පිරිනැමීමට නියමිතය.
ධාවකයින්ට සහ පැදිකරුවන්ට සැබෑ අභියෝගයක් දීම සදහා කුරුණෑගල පාන්ගොල්ල 5 වන විමර්ශන රෙජිමේන්තු නිවහන වන “අයන්සයිඩ්“ කඳවුරු භුමියේ වසර 2010 දී කැවල්රි සුපර් ක්‍රොස් තරඟාවලිය සඳහා වෙනම ධාවන පථයක් ඉදිකෙරිණි. කුරුණෑගල රිදියගල්ල සහ රම්බඩගල්ල කඳුවැටි පසුබිම් කරගනිමින් ඉදිකර ඇති මෙම දර්ශණිය ධාවන පථය සඳහා හිටපු හමුදාපති ලුතිතන් ජනරාල් ජගත් ජයසුරිය සහ ශ්‍රී ලංකා ස්නනාහ සන්නද්ධ බලකා කර්නල් සේනා විධායක නිරංජන් රණසිංහගේ මඟ පෙනවීම යටතේ ඉදිවිය. එමෙන්ම මෝටර් ධාවන ක්ෂේත්‍රයේ ප්‍රවිනයන් දෙපලක් වන හාන්ස් රැල්ෆ් කාපින්ස්කි සහ නිෂාන් වාසල තන්ත්‍රී මෙම ධාවන පථය සැලසුම් කිරීම සහ එය ඉදිකිරීමේ කටයුතු සිදුකර තිබේ. එපමණක් නොව ශ්‍රී ලංකා මෝටර් වාහන ධාවකයින්ගේ සහ පැදිකරුවන්ගේ සංගමයේ සභාපති රොඩ්නි මේසන්, ධාවන ශුර ගයාන් සඳරුවන්, ආදී ප්‍රවිණයින් විශේෂඥ අදහස් මෙම ධාවන පථය සැකසීම සඳහා ලබාදී ඇත.
මෙම තරඟාවලියෙන් ලද ආධාර මඟින් සන්නාහ සන්නද්ධ බලකායේ සේවයේ නිරතව සිටින සහ සේවයේ නිරතවී සිටියදී මියගිය සහ ආබාධිත තත්වයට පත්වූ සෙබලුන් වෙනුවෙන් නිවාස 18 ක් මේ වනවිට ඉදිකර ඇති අතර ඔවුන්ගේ නිවාඩ් නිකේතන ඇතුළු සුභ සාධක පහසුකම් රැසක් නැංවිමට හැකියාව ලැබී ඇත.මීට අමතරව නිවාඩු නිකේතන තුනක් ඉදිකිරීමට සහ සියලු රෙජිමේන්තු වල භටයින් සඳහා පුහුණු මධ්‍යස්ථානයක් සහ හමුදා සාමාජිකයින් සඳහා අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය මිලදී ගැනීමට මෙන්ම යුධ හමුදාවේ “විරුදරු “ ව්‍යාපෘතියට හා අනිකුත් යටිතල පහසුකම් වර්ධනය කිරීමට ද මෙම අදායම් මුදල් යොදවා තිබේ.
No comments:
Post a Comment