නොකෙරෙන දීගේ හෙවනැල්ලත් ඇදලු කියන කථාව ගැමියන් අතර ප්‍රචලිත
කථාවක්. එහෙම කියන්නේ නොකෙරෙන වැඩක් කරන්න බැරි වුණාම හේතු කියනකොට. ශ්‍රී ලංකා
ක්‍රිකට් ආයතයටත් ඒ කථාව සාධාරණ වී තිබේ. එහි උප සභාපති ලෙස කටයුතු කරන්නේ හිටපු
සභාපති ජයන්ත ධර් මදාස මහතායි. ඔහු 2015 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සුක්ඛානම භාර
ගත්තා. සාර් ථක ව්‍යාපාරිකයකු වන ඒ මහතා කොළඹ ප්‍රධාන පෟද්ගලික රෝහලක හිමිකරු
වනවා. පසුව මෙවර ඔහු සභාපති අපේක්ෂකත්වයට ඉදිරිපත් නොවුනේ නියත පරාජය හේතුවෙනුයි.
ඒ නිසාම මෙවර උප සභාපතිකමට ඔහු ඉදිරිපත් වුණා. සභාපති ලෙස කටයුතු කරන්නේ නියොජ්‍ය
කථානායක අමාත්‍ය තිලංග සුමතිපාල මහතායි.
කෙසේ වෙතත් මෙවර උප සභාපතිවරයකු ලෙස කටයුතු කරන ජයන්ත මේ
වන විටත් අවසන් මාස 3 තුල තෙවරක්ම ඉල්ලා අස්වී තිබෙනවා. සභාපතිවරයා සමග ඇතිකරගත්
නෝක්කාඩු ඊට හේතු වී තිබෙනවා. අවසන් අවස්ථාවේ පොත් පත්ද එකතුකරගෙන ඉවත්කරගනු
ලැබුවා. කෙසේ වෙතත් ජයන්ත මහතා යලි අද සේවයට පැමිණ සිටිනවා. ඔහුව දකින විට ක්‍රිකට්
ආයතනයේ සේවකයන් සිනා සෙන්නේ අධෝ මුඛයෙනි. ක්‍රිකට් ගැන කිසිවක් නොදන්නා ඔහු ක්‍රිකට්
සදහා කිසිදු සම්භන්ධයක් ඇති පුද්ගලයකුද නොවේ.
No comments:
Post a Comment