Friday, June 2, 2017

පළමු ජය සත්කාරකත්වය වෙනුවෙන්

ශූරයන්ගේ කුසලාන තරගාවලියේ පෙරලිකාර ජයක් වාර්ථා කිරීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්වුණා. ඔවුන් අතින් පරාජයට පත්වුනේ බංග්ලාදේශ කණ්ඩායමයි. මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ එංගලන්තයයි. ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාගැනීමට හැකිවුණා. එහිදී ආරම්භක පිතිකරු තමින් ඉක්බාල් ලකුණු 128 ක් ලබා ගත්තේ පන්දු 142 ක් වැය කරමිනුයි. මුෂ්ෆිකර් රහිම් ලකුණු 79 ක් ලබා ගත්තා. ඒ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06 ක් පමණක් දැවී ලකුණු 305 ක් ලබාගත්තා.  

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට රිසි සේ ලකුණු ලබාගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ. ඇලෙක්ස් හේල්ස් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 95 ක් ලබා ගත්තා. ඊට වැය කළේ පන්දු 86 ක් පමණයි. ඔහුගේ දැවීයාමෙන් ඉනිමට එකක්වූ ජෝයි රූට් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 129 කදී ලකුණු 133 ක් නොදැවී ලබා ගත්තා. එක් හයේ පහරක් සහ හතරේ පහර 11 සමගින් මෙම ලකුණු සංඛ්‍යාව ඔහු ලබා ගැනීමට සමත්වුණා. මේ අනුව කඩුලු 02 ක් ලමණක් දැවී ලකුණු 308 ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්ථා කළා. ඊට ඔවුන් වැය කළේ පන්දුවාර 47 කත් පන්දු 02 ක් පමණයි. චැම්පියන්ස් කුසලාන තරගාවලියේ දෙවන තරගය ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර අද පැවැත්වීමට නියමිතයි.

No comments:

Post a Comment