Saturday, June 10, 2017

සංගට ලංකාවෙන් උපදේශක තතුරක් ?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ශූරයන්ගේ කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගයකදී ඉන්දියාව පරාජය කිරීම පසුපස විශාල කාර් යක් කුමාර සංගක්කාර ඉටුකළ බව ඇන්ජලේ මැතිව්ස් පවසනවා. මෙම තරගාවලියට සංගා එක්වූයේ විචාරකයකු ලෙසයි. එහෙත් ඉන්දීය තරගයට පෙර දින ඔහු කණ්ඩායම පුහුණුවීම් සිදුකළ ස්ථානයට පැමිණ නවක ක්‍රීඩකයින්ට උපදෙස් මාලාවක් ලබාදීමට කටයුතු කළ බවයි නායක මැතිව්ස් පවසන්නේ. කුසල්ගේ පිතිකරණය නිවරදි කළේ සංගක්කාර බවත් මැතිව්ස් පවසනවා. මේ හේතුවෙන් තරගයේදී සාර් ථක වීමට කුසල්ට හැකිවූ බවත් මැතිව්ස් පවසනවා. නවක ක්‍රීඩකයින්ට සංගක්කාර වැනි ජේෂ්ඨයකු ලබාදෙන උපදෙස් සාර් ථක වීමට මහෝපකාරී වන බවත් මැතිව්ස් කියා සිටියා. සංගගේ පැමිණිම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් මහතා බලාපොරොත්තු වන බවයි නායකයාගේ මතය වී ඇත්තේ.
තරගාවලියේ ලංකාවට මීලග තීරණාත්මක තරගය වන පාකිස්ථානය සමග තරගය ලබන 12 වැනිදා පැවැත්වීමට නියමිතයි. එම තරගය සදහා ලංකාව මේ දිනවල පුහුණුවීම් සිදුකරනවා. පාකිස්ථාන පන්දු යවන්නන්ගෙන් දැඩි පීඩනයක් එල්ලවනු ඇති බවටයි විශ්වාස කරන්නේ. කුසල් ආබාදය හේතුවෙන් මෙම තරගයට ක්‍රීඩා නොකරනු ඇති. ධනංජයට එම තැන හිමිවනු ඇතැයි බලාපොරොත්තු වනවා. මෙම තරගයට පෙරත් කුමාර සංගක්කාර නවක ක්‍රීඩකයින් සමග කටයුතු කරනු ඇතැයි නායක මැතිව්ස්ගේ සිතා සිටිනවා. එම බලාපොරොත්තුව ඉටු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහය වීමට හැකිවෙයි දැයි බොහෝ දෙනෙකු බලා සිටින බව නොරහසක්. මීට පෙර විවිධ අවස්ථාවල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග විවිධ උපදේශකයින් කටයුතු කර තිබෙනවා. සංගාට උපදේශක තණතුරක් හෝ ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සත්ගුණවත් වේවිද ?

No comments:

Post a Comment