• Breaking News

    මැතිව්ස් සහ ග්‍රැහැම් ෆෝඩ් ඉල්ලා අස්වෙයි ?

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඇන්ජලෝ මැතිව්ස් සහ ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ග්‍රැහැම් ෆෝඩ් ඉල්ලා අස්වීමේ සූදානමක් ඇතැයි වාර් තා වනවා. ඔවුන් දෙදෙනා ඉල්ලා අස්වීමට සූදානම් වන්නේ කණ්ඩායමේ කළමණාකරු ලෙස කටයුතු කරන අසංක ගුරුසිංහ මහතා සමග ඇතිව තිබෙන නොහොද නෝක්කාඩු හේතුවෙනුයි. සභාපති තිලංග සුමතිපාල මහතාගේ බලය සියතට ගෙන අසංක මැතිව්ස්ට බැනවදින බවයි කණ්ඩායම් ආරංචි මාර් ග පවසන්නේ. මේ හේතුවෙන් කණ්ඩායම දෙනට බෙදී ඇතැයිද  වාර් තා වනවා. ශූරයන්ගේ කුසලාන තරගාවලිය අතර මේ වන තුරු අසංක ගුරුසිංහ මහතාගේ සේවය ඇගයීමට මැතිව්ස් කටයුතු නොකිරීමද මෙම අර් බුදය වැඩිදියුණු කිරීමට හේතු වී තිබෙනවා. එහෙත් තරගාවලියේ විස්තර විචාරකයකු ලෙස කටයුතු කරන සංගක්කාර පුහුණුවීම් අතර කණ්ඩායමේ නවක ක්‍රීඩකයින්ට උදව් කිරීම ගැන ප්‍රසංසා කිරීමට මැතිව්ස් අමතක කළේ නැහැ. ඒ නිසයි ඉන්දීය තරගය ජය ගැනීම පසුපස සංගක්කාර සිටින බව මැතිව්ස් පැවසුවේ.

    වත්මන් තත්වය හේතුවෙන් ශූරයන්ගේ කුසලානය අවසන්ව ලංකාව දිවයිනට පැමිණි වහාම ඉල්ලා අස්වීමේ ලිපිය ක්‍රිකට් ආයතනයට ලබදෙන බවයි ෆෝඩ් පවසා ඇත්තේ. ඔහු සමග මැතිව්ස්ද නායකත්වයෙන් ඉල්ලා අස්වනු ඇතැයි සදහන්. ඔවුන් දෙදෙනා ඉල්ලා අස්වීම යනු මෙරට ක්‍රිකට්වල කඩාවැටීමයි. මෙම තත්වය මේ වන විට පැවැත්වෙන ශූරයන්ගේ කුසලානයටත් අහිතකර ලෙස ලබපානු ඇති. ශ්‍රී ලංකාව තරගාවලියේ තීරණාත්මක තරගක් වන පාකිස්ථානය සමගින් අද තරග වැදීමට නියමිතයි. 

    No comments