ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජික ජයන්ත ධර්
මදාස මහතා ඉල්ලා අස්වීමේ ලිපිය ක්‍රිකට් ආයතනයට යොමු කර තිබෙනවා. ඔහුගේ ඉල්ලා
අස්වීමේ ලිපිය සභාපති තිලංග සුමතිපාල මහතාට ලබාදී ඇත්තේ ශිබ්ලි විල්කසින් මහතායි.
මෙම ඉවත්වීමට ආසන්නම සිදුවීම වී ඇත්තේ දෙදෙනා අතර පැවති මතබේද උත්සන්න වීමයි. කෙසේ
වෙතත් ඉල්ලා අස්වීමේ ලිපිය තිලංග සුමතිපාල මහතා භාරගෙන නැහැ. එම ලිපිය ගෙනා ශිබ්ලි
සමග තිලංග පැයක සාක්ච්චාවක් ක්‍රිකට් ආයතනයේදී පවත්වා ඇතැයි සදහන්. එහිදී තිලංග
පවසා ඇත්තේ ජයන්තගේ ඉවත්වීම ගැටලුවක් නොවන බවයි. එහෙත් ඒ සදහා හොද වේලාව මෙය නොවන
බවයි තිලංග පවසා ඇත්තේ. උප සභාපති කේ මතිවානන් මහතා ඉවත්වීමට තීරණය කළේ නම් එය
ගැටළුවක් වන බවයි තිලංග මෙහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ.
ජයන්ත ජාත්‍යන්තර ක්‍රිකට් සම්භක්දීකරනය භාරව වැඩ කලද එය
සියතට පවරා ගැනීමට සභාපති තිලංග කටයුතු කළා. මේ අනුව ජයන්ත කාර් ය භාරයක්නැති
විධායක කමිටු සාමාජිකයකු වුණා. එතැන් සිට ඔහු කලේ ඇතැම් විධායක කමිටු සාමාජිකයන්
සමග රහයේ සාකච්ඡා කිරීම පමණයි. ජයන්තගේ ඉල්ලා අස්වීමේ ලිපිය ගෙන ගිය ශිබ්ලි ක්‍රිකට්
බඩු අලෙවි කරන්නෙක්. ඔහු ක්‍රිකට් ආයතනයට මේ වන විට රුපියල් ලක්ෂ 1800 ක ක්‍රිකට්
උපකරණ අලෙවි කර තිබෙනවා. මේ හේතුවෙන් තිලංග ශිබ්ලි සමගද සිටින්නේ අමනාපයෙන් බව ක්‍රිකට්
ආයතනයේ සේවකයන්ට රහසක් නොවේ. මෙම අර්බුදය ගැන අප ඊයේ ඔබට කිව්වා මතක ඇති.
No comments:
Post a Comment