ඇමති දයාසිරිගේ දයාව
ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා 22 වන ආසියානු මළල ක්‍රීඩා උළෙල සඳහා සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම හමුවුණා. ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායම මේවන විට කොළඹ 07ටොරින්ටන් ක්‍රීඩාංගනයේ පුහුණුවීම් ආරම්භ කර ඇති අතර උදෑසන පුහුණු සැසිය අතරතුරදී මෙම හමුව සිදුවුණේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුකරුවන් ඇතුළු සෙසු නිලධාරීන් ද මෙම හමුව සඳහා එක්ව සිටියා. එහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් මුහුණු දෙන ගැටළු ඍජුවම අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට ද කටයුතු කළා. ආහාර පාන, පෝෂණ දීමනා ආදී ප්‍රශ්න එහිදි අමාත්‍යවරයා වෙත ඉදිරිපත් වූ අතර අමාත්‍යවරයා ඒ මොහොතේදීම අදාළ නිලධාරීන් සම්බන්ධ කරගෙන එම ගැටළු නිරාකාරණයට අවශ්‍ය පියවර ගනු ලැබුවා.
ජුලි මස 06 වනදා සිට 09 වන දක්වා ඉන්දියාවේ බුබනේෂ්වර් ක්‍රීඩාංගණයේ මෙම තරගාවලිය පැවැත්වීමට නියමිත වනවා. ජුනි මස අග ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි. ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා දිනපතා උදෑසන ශරර සුවතාව සඳහා පාපැදි ධාවනයේ යෙදන අතර අද දින මෙම හමුව සිදුවූයේද එම කාලය අතරතුරයි.
No comments