• Breaking News

    ක්‍රීඩා විද්‍යායතනය පළමුවරට කළ වැඩේ

    ක්‍රීඩා විද්‍යායතනය වල් බිහිවීමට පසුගිය කාලයේ් ඉඩ හැර තිබුණා. එහෙත් සජිත් ජයලාල් මහතා එහි ප්‍රධානියා වූ පසු ක්‍රීඩා විද්‍යායතනය ප්‍රචලිත කිරීමට විවිධ පියවර ගැනුනා. මේ යටතේ ක්‍රීඩා ඩිප්ලෝමාව සාර්ථකව හැදෑරූවන්ට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අතින් පසුගියදා  සහතික පිරිනැමුණා. ක්‍රීඩා අමාත්‍යතුමා වැඩ බාරගැනීමෙන් පසු ක්‍රීඩා ක්ෂේත්‍රයට නිසියාකාර දැනුමක් හා පුහුණුවක් ලැබූ ක්‍රීඩා උපදේශක හා පුහුණු කරුවන් බිහි කරන බවට කල ප්‍රකාශය යථාර්ථයක් බවට පත්  කිරීමයි මේ යටතේ සිදුවන්නේ. ප්‍රථම වතාවට ක්‍රීඩා විද්‍යා ආයතනය පැවැත්වූ ක්‍රීඩා ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව නිමකල 600 ක් පමණ වූ ක්‍රීඩා උපදේශක හා පුහුණු නිළධාරීන්ට මෙහිදී ක්‍රීඩා අමාත්‍යවරයා මෙහිදී  සහතිකපත් ප්‍රදානය කරන කළා.

    No comments