• Breaking News

    ස්වේච්ඡා සහයකයකු වෙන්න අනගි අවස්ථාවක්

    ලංකාවට අලුත් මොඩන් පෙන්ටැත්තලන් ක්‍රීඩාවේ තරගයකට ස්වේච්ඡා සහයකයකයන් බදවා ගන්නා බව දැනුම් දෙනවා. ‍මේ සදහා කැමැත්තක් දක්වන 30 දෙනෙකුට ඒ සදහා  අවස්ථාව තිබෙනවා. ලෝකයේ බොහෝ ක්‍රීඩා තරගාවලිවලදී ස්වේච්ඡා සහයකයකන්ට හොද පිලිගැනීමක් තිබෙනවා. මෙම තරගාවලිය සාර්ථක කර ගැනීමට සහය වන ස්වේච්ඡා සහයකයකයකුට ඇදුමක්ද ලබා දීමටයි සංගමය බලාපොරොත්තු වන්නේ. ලබන 25 වැනිදා ශ්‍රී ජයවර් ධනපුර කමත පරිශ්‍රයේදීයි මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ. මෙහි  ස්වේච්ඡා සහයකයකු වීමට වයස අවුරුදු 18 වැඩි ඕනෑම කෙනෙකුට හැකි බවයි සංගමය පවසන්නේ. තරගකරුවන් ලියාපදිංචි කර ගැනීම සදහා සහය වීම / තරගය පැවැත්වෙන ධාවන පථය පෙන්වීම / තරඟ තොරතුරු ලබාදීම ආදී කටයුතුයි ස්වේච්ඡා සහයකයකුට සිදුකිරීමට ඇත්තේ. මෙම තරගයේදී ස්වේච්ඡා සහයකයකු ලෙස කටයුතු කිරීමට කැමති අය mpfsl13@gmail.com  යන විද්‍යුත් ලිපිනයට විද්‍යුත් තැපෑලක් යොමු කරන්න. එහි ජීව දත්ත තොරතුරු සමග ඔබව සම්භන්ධ කර ගතහැකි දුරකථන අංකයක් සටහන් කරන්න අමතක කරන්න එපා.



    No comments