Monday, June 19, 2017

එංගලන්තයේදී ශ්‍රී ලංකා කාන්තාවනුත් දණ ගසයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 08 ක පරාජයක් උරුම් වුණා. ඒ සත්කරක එංගලන්තය සමග පැවති තරගයේදීයි. කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ආරම්භයට පෙර පෙරහුරු තරගයක් ලෙසයි මෙම තරගය කුවීන්ස් පාක් හිදී පැවැත්වුණේ. මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායිකා ප්‍රසාදිනී වීරක්කොඩි පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකාරිනියන්ට සාර්ථක වීමට හැකිවූයේ නැහැ. ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූ චමරි අතපත්තු ලකුණු 33 ක් ඉනිමට එක්වුණා. මේ අනුව ශ්‍රී ලංකාවට සියළුදෙනා දැවී ලබා ගත හැකිවූයේ ලකුණු 155 ක් පමණයි.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත පිතිකාරිණියන්ව මෙල්ල කිරීමට පන්දු යවන්නියන් 08 දෙනෙකු ශ්‍රී ලංකාව යොදා ගත්තත් කිසිවකුට සාර්ථක වීමට හැකිවූයේ නැහැ. සරහා ටේලර් නොදැවී ලකුණු 49 ක් ඉනිමට එක්කලා. මේ අනුව කඩුලු 02 ක් පමණක් දැවී ලකුණු 156 ක් ලබාගෙන ජය ගත්තා. ඒ වන විට තවත් පන්දු 118 ක් ඉතිරිව තිබුණා. කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ලබන 24 වැනිදා සිට එංගලන්තයේදී පැවැත්වීමට නියමිතයි.

No comments:

Post a Comment