වැස්සට හේදුනු තරගය
බර් මින්හැම් හිදී ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර පැවති
වැම්පියන්ස් කුසලාන තරගාවලියේ දෙවන තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා. මෙම තරගයේ
කාසියේ වාසිය දිනා නවසීලන්ත නායකයා සියල්ලන්ම
පුදුමයට පත්කරමින් ඕස්ට්‍රේලියාවට පළමුව පන්දුයැවීමට ආරාධනා කළා. මේ අනුව
පිටියට පිවිසි නවසීලන්තය සියලුදෙනා දැවී ලකුණු 291 ක් ලබා ගත්තා. එහිදී එහිදී නායක
කෙන් විලියම්සන් ශතකයක් ලබාගත්තා. ආරම්භක පිතිකරු රොන්චි ලකුණු 65 ක් ලබාගත්තා.
විටින් විට වර් ශාවෙන් තරගයට භාධා එල්ලවීම නිසා තරගය පන්දුවාර 46 කට සීමා කිරීමටයි
විනිසුරුවන් තීරණය කළේ. මෙහිදී නවසීලන්තයේ පසුපෙළ කඩුලු 07 දැවී ගියේ ලකුණු 37 ක්
තුලයි. ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක හැසල්වුඩ් කඩුලු 06 ක හිමිකරු වුණා.
වර් ශාව හේතුවෙන් තරගයේ ජය වෙනුවෙන් ඔස්ට්‍රේලියාව
පන්දුවාර 33 කට ලකුණු 235 ක් ලබාගතයුතු වුණා. එහෙත් තරගය ආරම්භයේ සිටම වර් ශාවෙන්
භාධා එල්ලවුනා. පන්දුවාර 09 කදී කඩුලු 03 ක් දැවී ලකුණු 53 ක් ලබා සිටියදී දිගින්
දිගටම පැවති වර් ශාව හේතුවෙන් තරගය අතහැර දැමීමට විනිසුුරුවන් තීරණය කළා. මේ අනුව
තරගය ජය පැරදුමෙන් තොරව අතහැර දැමුණා. එය නවසීලන්තයට වෙස්වලාගත් ආශිර් වාදක් වූවාට
කිසිදු සැකයක් නැහැ. නැත්නම් මෙම තරගයේ බොහෝවිට ජය කැංගරුවන්ට හිමිවන්නට තිබුණා.
තරගාවලියේ ශ්‍රි ලංකාව තරගවදින පළමු තරගය අද දකුණු අප්‍රිකාව සමගින් පැවැත්වීමට
නියමිතයි.
No comments