කුම්බ්ලි ඉන්දීය පුහුණුකරු තනතුරට පයින් ගසයි
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අනිල් කුම්බ්ලි තනතුරෙන් ඉවත්වී තිබෙනවා. කුම්බිලිගේ කොන්ත්‍රාත් කාලය අවසන් වීමට නියමිතව තිබුනේ ශූරයන්ගේ කුසලාන තරගාවලියට පෙරයි. එහෙත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඔහුගෙන් ඉල්ලා සිටියේ තරගාවලිය අවසන් වන තුරු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන ලෙසයි. ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී පාකිස්ථානයෙන් අනපේක්ෂිත පරාජයක් ලබා අනුශූරතාවයෙන් සෑහිමට පත්වීමට ඉන්දියාවට සිදුවුණා.
මෙවර කුම්බ්ලි ඉවත්වීමට තීරණය කර ඇත්තේ ඉන්දීය කණ්ඩායමේ නව නායකයා ලෙස කටයුතු කරන විරාත් කෝලි සමග කටයුතු කළ නොහැකි බව පවසමිනුයි. කෝලිගේ ක්‍රියා කළාපය තමන්ට ගැලපෙන්නේ නැති බවයි කුම්බ්ලි පවසන්නේ. නායක කෝලි සමග ගැටුම් ඇතිකරගෙන ඉවත්වීමට වඩා මෙලෙස ඉවත්වීම හොද බවයි කුම්බ්ලි පවසන්නේ. කෙසේ වෙතත් කුම්බ්ලි ඉවත්වන්නේ ලබන 23 වැනිදා බටහිර ඉන්දීය කොදෙව්වන් සමග එක්දින තරගාවලියකට ඉන්දියාව ක්‍රීඩා කිරීමට නියමිතව තිබියදීයි. මීට පෙර කුම්බ්ලි ප්‍රධාන පුහුණුකරු ලෙස ඉවත්වීමට නියමිතව සිටියදී ප්‍රධාන පුහුණුකරුවකු තේරීමට ඉල්ලුම් කරනු ලැබුවා. මේ අනුව හිටපු ඉන්දීය ආරම්භක පිතිකරු විරේන්ද්‍ර ශ්‍රේවාග් , හිටපු මද වේග පන්දු යවන ක්‍රීඩක ඩෝඩා ගනේශ් , ඇෆ්ගනිස්ථාන ප්‍රධාන පුහුණුකරු ලාල්චන්ද්‍ර රාජ්පුට් , ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ටොම් මූඩි සහ හිටපු පාකිස්ථාන ප්‍රධාන පුහුණුකරු රිචාර්ඩ් පේබස් යන අය ඉල්ලුම් කර තිබුණා.

No comments