• Breaking News

    ක්‍රිකට් විනිසුරුවන්ගේ මුදල් මාටියා ගහලා

    තරුණ සේවා ජාතික ක්‍රීඩා උළෙලට සමගාමීව පැවැති සැහැල්ලු පන්දු ක්‍රිකට්‌ තරගාවලියේ විනිසුරු වරුන්ට ලබාදිය යුතු නියමිත මුදලට වඩා අඩු මුදලක්‌ සැහැල්ලු පන්දු ක්‍රිකට්‌ සම්මේලනය ලබා දී ඇතැයි වාර්ථා වනවා. තරගාවලිය පැවැති 17 සහ 18 යන දෙදින වෙනුවෙන් විනිසුරුවන්ට එක්‌ දිනකට රුපියල් 2,500 බැගින් රුපියල් 5,000 ක මුදලක්‌ හිමි විය යුතුව තිබුණත් ඔවුන්ට අදාළ දිනයන් දෙකටම ලැබී ඇත්තේ රුපියල් 3000 ක මුදලක්‌ පමණයි. වාර්තාවන අන්දමට ජාතික තරුණ සේවා සභාව මෙම විනිසුරුවරුන්ට හිමි විය යුතු මුදල් නිසි ආකාරයෙන් බෙදා දීම සඳහා ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයට ලබා දී තිබුණා. එහෙත් සැහැල්ලු පන්දු සම්මේලනය විනිසුරුවන්ට ගෙවා ඇත්තේ දිනකට රුපියල් 1500 බැගින් දින දෙකට රුපියල් 3000 ක්‌ පමණයි.

    කෙසේ වෙතත් තරගාවලියට අදාළ විවිධ තරගයන් එම දින දෙකෙහිදී අනුරාධපුරය කේන්ද්‍රකර ගනිමින් පැවැති නමුත් සෙසු එකදු ක්‍රීඩාවකදීවත් මෙවැනි කරුණක්‌ වාර්තා වී නොමැති බවයි අපට වාර්ථා වන්නේ. 'මේ තරගාවලියට සමගාමීව තව ගොඩක්‌ තරගාවලි පැවැත්වුණා. ඒත් මේ වගේ දෙයක්‌ ආරංචි වුණේ නැහැ. අර විනිසුරුවරුන් දවස්‌ දෙකක්‌ තිස්‌සේ අව්වේ කට්‌ට කාලා පස්‌සේ දුන්නේ දවසට රුපියල් 1500 ගාණේ විතරයි. ඒ විනිසුරුවරුන්ව එක්‌කගෙන ඇවිත් තියෙන්නේ දිනකට රුපියල් 2,500 ක්‌ දෙනවා කියලා අත්සන් අරගෙන සහතික කරලා. ඒත් අන්තිමට වුණේ මෙහෙමයි' යනුවෙන් අපට මෙම තොරතුර ලබාදුන් ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියා.

    මේ සම්බන්ධයෙන් තරගාවලියේ වගකිව යුතු පාර්ශ්වයක්‌ සැහැල්ලු පන්දු සම්මේලනයේ අයෙකුගෙන් විමසූ විට ප්‍රකාශ කර ඇත්තේ 'අපේ නීතියකට අනුවයි මෙහෙම සම්පූර්ණ මුදලින් කොටසක්‌ ගෙවන්නේ' යනුවෙන් පවසා ඇතැයි සදහන්.

    No comments