රොන්චිගේ එක්දින පිටියේ වැඩිම ලකුණු 2014 වසරේ දඹුල්ලේදී නොදැවී ලබාගත් ලකුණූ 170 ලෙසයි වාර්තා පොත් අතර සටහන්ව ඇත්තේ. ඔහු එක්දින තරඟ 85 කදී කණ්ඩායමට ලකුණු 1397 ක් රැස් කර දී තිබෙනවා.
Thursday, June 22, 2017
හිටි හැටියේ රෙන්චි ජාත්‍යන්තර ක්‍රිකට් ඉනිම නිමා කරයි
නවසීලන්ත කඩුලු රකින ක්‍රීඩක සහ ප්‍රවේගකාරී පිතිකරු ලුක් රොන්චි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් ඔහු සමුගැනීමට හේතුවක් ප්‍රකාශ කර නැහැ. 36 හැවිරිදි රොන්චි නවසීලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙසද කටයුතු කළා. සමුගැනීම නිවේදනය කරමින් රොන්චි පවසා ඇත්තේ මෙතැන් සිට පවුල වෙනුවෙන් වැඩි කාලයක් වැය කිරීමට බලාපොරොත්තු වන බවයි. පසුගිය කාලයේ බිරිද සහ දරුවන් දෙදෙනා සමග ඉන්නවා වෙනුවට ක්‍රිකට් වෙනුවෙන් කාලය ගතකල බවයි ඔහු පවසා ඇත්තේ. කෙසේ වෙතත් ඔහුගේ සමුගැනීම කණගාටුවටක් බවයි එරට ක්‍රිකට් පුහුණුකරු මයික් හසන් පවසන්නේ.
No comments:
Post a Comment