කුසල්ට පලදෙන්න යන අකුසලය සහ නොහික්මුණ මාලිංග
සිම්බාබ්වේ සමග හෙට ආරම්භ වීමට නියමිත එක්දින තරගාවලිය කුසල් ජනිත් පෙරේරාට අහිමිව යනු ඇතැයි වාර්ථා වනවා. ඔහුගේ පාදයේ ආබාදය මෙතෙක් සුව වී නැතිවීම ඊට හේතුවයි. ශූරයන්ගේ කුසලාන තරගාවලිය අතරතුර කුසල් පාදයේ ආබාදයකට ලක්වුණා. වෛද්‍යවරුන්ගේ නිර්දේශය වී ඇත්තේ තවදුරටත් කුසල් විවේක ගතයුතු බවයි.
මේ අතර ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ අද (29) පැවැති පුහුණුවීම් අතරතුර දී ඡායාරූප මාධ්‍යවේදීන්ට ලසිත් මාලිංග උපහාසාත්මක ලෙස ආමන්ත්‍රණය කිරීමේ සිද්ධියක් වාර්තා වුණා. ලසිත් මාලිංග එහිදී පවසා ඇත්තේ "ක්‍රිකට් ආයතනය මගේ බඩේ ෆොටෝ ගන්න කට්ටිය එවලා තියෙනවා" යනුවෙනුයි. සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර හෙට (30) ආරම්භ වෙන එක්දින තරගාවලියට ඇති සූදානම ආවරණය කිරීම සඳහා මාධ්‍යවේදීන් ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය වෙත පැමිණියා. එම අවස්ථාවේයි මෙම සිදුවීම වී ඇත්තේ.

No comments