ක්‍රිකට් පුහුණුකරු ඉල්ලා අස්වෙයි - එවැනි සූදානමක් ඇතැයි මුලින්ම කිව්වේ අපයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කළ ග්‍රැහැම් ෆෝඩ් මහතා ඉල්ලා අස්වන බව ක්‍රිකට් ආයතනයට අද දැනුම් දී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් සිය තනතුරෙන් ඉල්ලා අස්වීමේ සූදානමක් ඇතැයි අප වෙබ් අඩවිය සියල්ලන්ටම පෙර පසුගිය 12 වැනිදා ඔබට කිව්වා මතක ඇති. ඔහු ඉල්ලා අස්වීමට සූදානම් වන්නේ කණ්ඩායමේ කළමණාකරු ලෙස කටයුතු කරන අසංක ගුරුසිංහ මහතා සමග ඇතිව තිබෙන කිසියම් මත ගැටුමක් හේතුවෙන් බවද අප හෙලිකළා.
සිය ඉල්ලා අස්වීම පිළිබදව දන්වා ඇති ග්‍රැහැම් ෆෝඩ් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් උපදේශයක් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ. ෆෝඩ් තරුණ ක්‍රීඩකයින් වෙත දන්වා ඇත්තේ තමන් ගැන විශ්වාස කරන ලෙසත්, කණ්ඩායම පිළිබඳ විශ්වාස කරන ලෙසත් තමන් නිරතවන ක්‍රීඩාවේ හදවතින්ම ක්‍රීඩා කරන ලෙසත් ඔහු දන්වා ඇතැයි සදහන්. ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා හොද කණ්ඩායමක් බවත් කැපවීමෙන් යුතුව පුහුණුවීම් වල නිරතවුවහොත් දිගු ගමනක් යා හැකි බවත් ඔහු පවසා තිබෙනවා. එසේම දක්ෂ, තරුණ ක්‍රීඩකයන් සමඟ පසුගිය මාස 15ක කාලයක කටයුතු කිරීමට ලැබීම සතුටක් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත්, කණ්ඩායමේ ක්‍රීඩකයන්ටත් සුබපතන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
මේ අතර පුහුණුකරු ලෙස හිටපු ක්‍රීඩකයින් වන මහේල ජයවර්ධන හෝ කුමාර් සංගක්කාර බදවා ගැනීමට සූදානමක් ඇතැයි පැතිර යව රාවයන්ගේ කිසිදු සත්‍යතාවක් නැතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවසනවා. මේ වන විටත් ක්‍රිකට් පුහුණුකරු තනතුර සදහා තුන් දෙනෙකු ඉල්ලුම් කර ඇති බවයි ඇමතිවරයා පවසන්නේ. කෙසේ වෙතත් ලබන 30 වැනිදා සංචාරක සිම්බාබ්වේ සමග තරගාවලියක් පැවැත්වීමට නියමිත තිබියදී පුහුණුකරු ඉල්ලා අස්වීම සහ එය සභාපතිවරයා පිලිගැනීම කණගාටුවට කරුණක් බවයි විචාරකයින් පවසන්නේ.

No comments