ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට හතුරුසිංහගේ ගුරු හරුකම් ?
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය සඳහා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාව එක්කර ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා. ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හතුරුසිංහ සමග සාකච්ඡා කර ඇති බවයි. චන්දික හතුරුසිංහ 2019 වන තෙක් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමටයි ගිවිසුම් අත්සන් කර ඇත්තේ. ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට එක්කර ගන්නේ නම් ගිවිසුමට අදාළ ඉතිරි කාලයේ ගෙවීම් සිදු කිරීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇති. එමෙන්ම ලෝකයේ වැඩිම මිලක් ගෙවන පුහුණුකරු ලෙස වාර්තා වන්නේ ද චන්දික හතුරුසිංහ මහතායි. ඔහුගේ දායකත්වය යටතේ බංග්ලාදේශ කණ්ඩායම මේ වනවිට ක්‍රිකට් ක්ෂේත්රයේ විශිෂ්ට ප්‍රගතියක් ද අත්කර ගෙන තිබෙනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ යෝජනාව හතුරුසිංහ මහතා පිලිගත්තේදැයි මෙතෙක් ප්‍රකාශ වී නැහැ.
මේ අතර නවසීලන්ත ජාතිකයින් වන ස්ටීවන් ෆ්ලෙමින්, ස්කොට්ස් ස්ටයිරිස් හෝ ඕස්ටේ්රලියානු ජාතික ටොම් මෝඩි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය සඳහා එක්කර ගැනීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇති බව සඳහන්. සිම්බාබ්වේ කණ්ඩායම සමග ඉදිරියේ දී පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයට නික් පෝතස් මහතාව පත් කිරීමටයි තීරණය කර ඇත්තේ. ඔහු මෙතෙක් කටයුතු කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙසයි. ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ග්රැහැම් ෆෝඞ් හදිසියේ ඉල්ලා අස්වීම හේතුවෙන් මෙම ගැටළුව මතු වුණා. සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලිය ලබන 30 වැනිදා ආරම්භ වනවා. ඊට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් නම් කර නැහැ.
පුරප්පාඩු වී ඇති ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයට ශ්‍රී ලංකාවේ හිටපු නායක මහේල ජයවර්ධන අයදුම් කරනු ඇති බවට ඉන්දීය මාධ්‍ය අනාවරණ කර තිබෙනවා.

ඊට ආසන්නතම හේතුව වී ඇත්තේ මහේලගේ පුහුණුකාරීත්වය යටතේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර අයි පී එල් ශූරතාව දිනා ගැනීමයි.
මහේල අයි පී එල් තරගාවලියක් සඳහා පුහුණුකරුවෙකු ලෙස එක්වූ පළමු අවස්ථාව එය ලෙසටයි සැලකෙන්නේ. ඔහු ඊට පෙර එංගලන්ත කණ්ඩායමේ පිතිකරණ උපදේශක ලෙස ද කටයුතු කළා.
ඉන්දීය නායක විරාට් කෝලි සමග ඇති කර ගත් මත භේදයක් හේතුවෙන් හිටපු පුහුණුකරු අනිල් කුම්බ්ලේ සිය ධුරය අතහැර ගියා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධුරය දැරීමට මහේලට තවමත් අත්දැකීම් නොමැති බවයි.
No comments