• Breaking News

    ජාතික මැරතන් සංචිතයක්

    43 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ මැරතන් තරඟ (කාන්තා/පිරිමි) 2017.07.01 වන දින පෙරවරු 6.00 ට මහියංගණය නඟරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම මැරතන් තරඟයේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්වන දක්ෂතාවන් පදනම් කර ගෙන ජාතික මැරතන් සංචිතයක් පිහිටුවීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වනවා. ඒ අනුව මෙම තරඟයේදී පළාත් කණ්ඩායම නියෝජනය නොකරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා විවෘත තරඟයක් ලෙස සහභාගී වීමට ද අවස්ථාව ලබාදී තිබෙනවා. විවෘත තරඟය සඳහා සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් දින 14 ක් ඇතුලත ලබාගත් වෛද්‍ය සහතිකයක් සමඟ  2017.06.30 වන දින මහියංගණය රජමහා විහාරස්ථානයට පැමිණ ලියාපදිංචි විය යුතුයි. එමෙන්ම මෙම විවෘත තරඟය සඳහා සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පදක්කම්, සහතිකපත්, මුදල් ත්‍යාග ලබා නොදෙන අතර, ආහාරපාන, නවාතැන් පහසුකම් යනාදියද ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් සපයන්නේ නැහැ. ඒ සියල්ළ තරග කරුවන් තරගකාරියන් විසින්ම සපයා ගත යුතුවනවා. 

    No comments