Tuesday, June 27, 2017

පය බරවාවට පිටිකර බෙහෙත් බදින අපේ ක්‍රිකට්

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයින්ට ඇති වන ආබාධ අවම කර ගැනීමේ අරමුණින් නව සපත්තු හඳුන්වා දීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අයාතනය තීරණය කර තිබෙනවා. එහි ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සඳහන් කළේ පාදයට සරිලන සපත්තු නොපැලදීමෙන් ඉකුත් කාලසීමාවේදී ක‍්‍රීඩකයින් රැසක් ආබාධයන්ට ලක් වූ බවයි. අනෙක් රටවල් ද ආබාධ අවම කර ගැනීම සඳහා මෙම ක‍්‍රියාමාර්ගය වර්තමානයේ යොදා ගනිමින් සිටින බවයි ඔහු සඳහන් කළේ. ක‍්‍රිකට් ආයතනය ආරම්භ කළ මෙම නව වැඩසටහන සඳහා ඔස්ටේ‍්‍රලියාවේ පිහිණුම් ඔලිම්පික් පදක්කම් ලාභියෙකු මෙන්ම ඔස්ටේ‍්‍රලියාවේ වෛද්‍යවරයෙකු වන නිකලස් ස්ප‍්‍රින්ජන්ගේ ද සහය හිමිව තිබෙනවා. පාදයේ ආබාධ වලට ප්‍රධානම හේතුව වන්නේ වැරදි ඉරියව් වලට පාදය තැබීමයි. එය නිවරදි නොකළහොත් රත්තරන් පාවහන් පැලදුවද ආබාධ වලක්වා ගැනීමට හැකිවන්නේ නැහැ.

No comments:

Post a Comment