ආබාධිත සීකුගේ එලියට අලුත් තරුවක් ඇතුලට ?
ශ්‍රී ලංකාවේ ප්‍රවේගකාරී පිතිකරු සහ දග පන්දු යැවීමේ ක්‍රීඩක සීකුගේ ප්‍රසන්න ආබාදයකට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් ඔහුට එළබෙන සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන තරගාවලිය අහිමිව යන බවයි ක්‍රිකට් ආයතන ප්‍රකාශකයකු පැවසුවේ. වෛද්‍යවරුන් ඔහුට නිර්දේශ කර ඇත්තේ විවේක ගන්නා ලෙසයි. මේ අනුව ඔහු වෙනුවට ජෙෆ්රි වැන්ඩසි කණ්ඩායමට එක්වනු ඇති. තේරීම් කමිටුවේ අවධානය තවත් නවක ක්‍රීඩකයකු වෙත යොමුව තිබෙනවා. ඒ විනිදු හසරංගයි. මේ අනුව ඇතැම් විට වැන්ඩසි වෙනුවට හසරංග කණ්ඩායමට එක්කරනු ඇති. මෙම තරගාවලිය ලංකාවේ පැවැත්වීම සහ සිම්බාබ්වේ සමග පැවැත්වීමට නියමිත වීම හේතුවෙන් නවක ක්‍රීඩකයකු අත්හදා බැලීමට මෙය කදිම අවස්ථාවක් වනු ඇති. ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පළමු තරගය ලබන 30 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතයි.
No comments