• Breaking News

    රගර් තරුවක් කූරු ගනී

    අධික වේගයෙන් මෝටර් රථයක්  ධාවනය කර  පාපැදිකරුවකු යට කර පලා ගිය බව කියන ජනප්‍රිය රගර් ක්‍රීඩකයෙකුව සිටි  පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. අනතුරට ලක්වූ 53 හැවිරිදි පුද්ගලයා මිය ගොස් තිබෙනවා. ඒකල - මිනුවන්ගොඩ මාර්ගයේ  ගමන් කළ පාපැදිකරු  අනතුරට ලක් කර පලා යන අවස්ථාවේ ඒකල ප්‍රදේශයේ දී මෙම සැකකරුගේ වාහනය  තවත් වාහනයක ගැටී තවත් අනතුරක් ද සිදුව ඇති බවයි වාර්තා වන්නේ. ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත නොකර  මුදා හරින ලෙස නීතිඥවරයා ඉල්ලා සිටිය ද  එය  ප්‍රතික්ෂේප කර ජුලි 05 දක්වා රක්ෂිත බන්ධනාගාරගත  කිරීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

    No comments