• Breaking News

    කොඩුකාර ලංකාවට යලිත් පරජය

    ශ්‍රී ලංකාව සහ දකුනු අප්‍රිකාව තරගවැදුනු චැම්පියනස් කුසලාන මූලික වටයේ තරගය ලකුණු 96කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත්වුණා. මෙම තරගයේ කාසිසේවාසිය දිනා ගනිමින්  ශ්‍රී ලංකා නායකත්වය දැරූ උපුල් තරංග පළමුව පන්දුවට පහරදීමට දකුණු අප්‍රිකාවට ආරාධනා කළා. මේ අනුව පිටියට පිවිසි දකුනු අප්‍රිකාව කඩුලු 06 ක් පමණක් දැවී ලකුණු 299 ක් ලබා ගැනීමට සමත්වුණා. එහිදී වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු හෂිම් අම්ලා ලකුණු 103 ක් ලබා ගත්තා. ඩු ප්ලෙසිස් ලකුණු 75 ක් ඉනිමට එක්කළා.
    පිලිතුරු ලෙස ලකුණු 300 ක ජයග්‍රාහී ඉලක්කයක් හබායාමට පිටියට පිවිසි ලංකාවට සියලුදෙනා දැවී ලබා ගතහැකිවූයේ ලකුණු 203 ක් පමණයි. වැඩිම ලකුණු ලාභියා වූ නායක උපුල් තරංග ලකුණු 57 ක් ලබාගත්තා. කුසල් පෙරේරා නොදැවී ලකුණු 44 ක් ලබා ගත්තා. අවසන් කඩුලු 4 ලකුණු 12 ක් තුල දැවීයාම නිසයි මෙවැනි ලකුණු පුවරුවකට ලංකාව සීමා වුනේ. ලංකාව පන්දුවට පහරදුන්නේ පන්දුවාර 41 කුත් පන්දු 03 ක් පමණයි. තරගාවලියේ අද තරගය ඉන්දියාව සහ පාකිස්ළුානය අතර පැවැත්වෙනවා. ඉන්දීය ප්‍රිමිය ලීග් තරගාවලියේ හොදින් ක්‍රීඩා කර ලකුණු අතර සිටින ඉන්දීය ක්‍රීඩකයක්ට වැඩි වාසි හිමිව තිබෙනවා.



    No comments