Monday, June 5, 2017

මේස පන්දු පුහුණුකරුවන්ටත් පුහුණුවක්

පුහුණුකරුවකු වන්නේ ක්‍රීඩාවක කෙල පැමිණි පුද්ගලයින්ම නෙවේ. උසේන් බෝල්ට්ට පුහුණු කරන පුහුණුකරු ඔහුට වඩා වේගයෙන් දුවන්නකු විය යුතුයි. එහෙත් එවැන්නකු නොවෙයි පුහුණුකරු. කිසිම සාර් තක පුහුණුකරුවකු හොද ක්‍රීඩකයකු වී සිට නැහැ. එහෙත් පුහුණුකිරීමට ක්‍රීඩාවක තාක්ෂණය හොදින් දැන සිටිය යුතුයි. අලුත් දෑ සොයන්නකු විය යුතුමයි. මේ නිසයි පුහුණුකරුවන්ව පුහුණු කිරීමට කටයුතු කරන්නේ. පුහුණුකරුවන්ව පුහුණු කිරීම වෙනත්ම අංශයක්. එලෙස ලංකාවේ මේස පන්දු පුහුණූකරුවන්ව අධියර 01 පුහුණුකරුවන් කිරීමට වැඩපිලිවලක් සකස් කර තිබෙනවා. ඒ සදහා දැනට පුහුණුකරුවන් ලෙස කටයුතු කරන්නන් / ප්‍රවීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් / හිටපු ක්‍රීඩක ක්‍රීඩිකාවන් / ක්‍රීඩා නිලධාරීන් , නිලධාරිනියන් සහ  ක්‍රීඩා උපදේශක උපදෙශිකාවන්ට ඇතුලත් විය හැකියි.  ඔවුන් සම්භන්ධ කර ගත හැකි දුරකථන අංකයක් සහිතව අයදුම්පත් මේස පන්දු සංගමයට යොමුකළ යුතුයි.

පුහුණූකරුවන් පුහුණුකිරීම කදවුරු දෙකක් යටතේ සිදු කිරීමටයි නියමිතව ඇත්තේ. පළවැන්න ලබන 10 වැනිදා සිට 15 වැනිදා දක්වා කෙළඹදීත් ලබන 17 වැනිදා සිට 22 දක්වා කෙළඹින් පිටතදීත් පැවැත්වීමට නියමිතයි. මෙම පුහුණු කදවුරු මෙහෙයවන්නේ පුහුණුකරුවන් පුහුණුකිරීමේ අධියර 01 පුහුණුකරුවකු වන පාකිස්ථාන ජාතික අරීෆ් කාන් සහ ශ්‍රී ලංකික වජිර වික්‍රමසිංහ යන මහත්වරුන්. ඔවුන් දෙදෙනාට පුහුණුකරුවන් පුහුණුකිරීමේ අත්දැකීම් බෙහෝමයක් තිබෙනවා. එ් නිසයි මෙම පුහුණු කදවුර සදහා ඔවුන් දෙදෙනාවට ජාත්‍යන්තර මේස පන්දු යංගමය අනුමැතිය ලබාදී ඇත්තේ.

No comments:

Post a Comment