පකිස්ථානය සමග පැවති
ශූරයන්ගේ කුසලාන තරගාවලියේ මූලික වටයේ අවසන් තීරණාත්මක තරගය පරාජයට පත්වන්න ශ්‍රී
ලංකාවට සිදුවුණා. මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සෆ්රාස් අහමඩ් පළමුව පිතිකරණයේ අවස්ථාව ලංකාවට ලබා දුන්නා. මේ අනුව
පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන්ට රැසි සේ ලකුණු රැස් කිරීමට ඉඩ ලබාදුන්නේ
නැහැ. එහිදී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා
වෙමින් ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල ලකුණු 73 ක් ලබා ගත්තා. නායක ඇන්ජලෝ
මැතිව්ස් ලකුණූ 39 ක් ලබා ගත්තා. මැදපෙළ සහ පසුපෙළ පිතිකරුවන් අසාර් ථක වද්දී
සුරංග ලක්මාල් ලකුණු 26 ක් ඉනිමට එක් කළා.
ජුනයිඩ් කාන් අනගි පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 03 ක් දවා ගත්තා. මේ අනුව ශ්‍රී
ලංකාව සියලුදෙනා දැවී ලකුණු 236 කට සීමා වුණා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා
කළ පාකිස්ථානය කඩුලු 7 ක් පමණක් දැවී ලකුණු 237 ලබා ගනිමින් තරගයේ ජය වාර් ථා කළා.
එහිදී අරම්භක පිතිකරු සමන් ලකුණු 50 ක් ලබා ගත්තා. පිතිකරුවන් මෙල්ල කරමින් අනගි
පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට පන්දු රකින්නන්ගෙන් කිසිදු සහයක්
ලැබුනේ නැහැ. නුවන් ප්‍රදීප් අත්‍යවශය මෙහොතක කඩුලු 3 ක් දවා ගත්තා. හුදකලා සටනක
නරත වූ නායක සෆ්රාස් අහමඩ් නොදැවී ලකුණු 61 ක් ලබා ගත්තා. ඔහු ලබාදුන් උඩපන්දු
දෙකක් පන්දු රකින්නන් අතින් ගිලිහී ගියා. ඒත් සමගින් නායකත්ව ඉනිමක් ක්‍රීඩා
කරමින් සෆ්රාස් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා. මේ අනුව ශ්‍රී ලංකාවට තරගාවලියේ
අවසන් පූර් ව වටයට සුදුසුකම් ලබා ගැනීමට තිබූ අවස්ථාව ගිලිහී ගියා. එ් අනුව ලබන 14
වැනිදා පළමු අවසන් පූර් ව තරගයේදී
පකිස්ථානයට හමුවන්නේ සත්කරක එංගලන්තයයි.
No comments:
Post a Comment