Thursday, June 8, 2017

අනාවැකි සියල්ල බොරු කරමින් ලංකාව පෙරලිකාර ජයක් ලබයි.

ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ඉන්දියාව සමග පැවති තීරණාත්මක තරගයේ අනපේක්ෂිත ජයක් ශ්‍රී ලංකාව සතුවූණා. මෙම තරගයට ශ්‍රී ලංකාව පිවිසියේ වෙනස්කම් තුනක් සහිතවයි. තරග තහනමට ලක්ව සිටින උපුල් තරංග , සීකුගේ ප්‍රසන්නට සහ ආබාධයකට ලක්වූ චාමර කපුගෙදරට කණ්ඩාවමේ ස්ථාන අහිමි වූණා. ඒ වෙනුවට කණ්ඩායමට එක්වූයේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් / ධනුෂ්ක ගුණතිලක සහ තිසර පෙරේරායි. තරගයේ කාසියේ වාසිය දිනූ ලංකාව පළමුව පන්දු යැවීමට තීරණය කළා. මේ අනුව පිටියට පිවිසි ඉන්දියාවට සාර් ථක ආරම්භයක් ලබා දුන් රෝහිත් ෂර් මා සහ ෂිකර ධවාන් ලකුණු 138 ක සබදතාවක් ගොඩලැගුවා. ධවාන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 125 ක් ලබා ගත්තා. රෝහිත් ලකුණූ 78 යි. වේගවත් ඉනිමක් ගොඩනැගූ මහේන්ද්‍ර සිං දෝනි ලකුණු 63 ක් ලබා ගත්තේ හතරේ පහර 7 ක් සහ හයේ පහර 02 ක් සමගයි. අසේල ගුණරත්න එක් කඩුල්ලක් දවා ගත්තේ මෙරට අඩුම ලකුණු ලබාදුන් පන්දු යවන්නා බවට පත්වෙමිනුයි. එහෙත් ඔහුට යැවීමට ලැබුනේ පන්දුවාර 03 ක් පමණයි. සාර් ථකම පන්දුයවන්නාට අනෙක් පන්දුවාර යැවීමට නායකයා කැදවීමක් නොකිරීම විචාරකයින්ගේ කථා බහට ලක්වුණා. ලසිත් මාලිංග කඩුලු 02 ක හිමිකරු වුණා. ඉන්දියාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06 ක් පමණක් දැවී ලකුණු 321 ක් ලබා ගත්තා.

කෙසේ වෙතත් හොද තරගයක් ලංකාව ලබාදුන්නේ කිසිවකු බලාපොරොත්තු නොවූ ආකාරයෙනුයි. ඉනිම ආරම්භ කළේ නිරෝෂන් දික්වැල්ල සමගින් ධනුෂ්ක ගුණතිලකයි. දික්වැල්ල ලකුණු 07 කට දැවී ගියා. ගුණතිලක කුසල් මෙන්ඩිස් සමගින් ලංකාවේ වගකීම දෙවුරට  ගත්තා. ගුණතිලක වේගවත් ලකුණු 76 ක් ලබා ගත්තේ හතරේ පහර 07 ක් සහ හයේ පහර 02 ක් සමගයි. මෙන්ඩිස් ඉන්දීය පන්දු යවන්නන්ට දිගට හරහට පහර දෙමින් ලකුණු 89 ක් ඉනිමට එක්කළා. අනතුරුව පිටියේ එක්වූ නායක මැතිව්ස් සමගින් කුසල් ජනිත් පෙරේරා අනුකම්පා විරහිතව ඉන්දීය පන්දු යවන්නන්ට බැට දුන්නා. දුවද්දී තම පාදයේ ආබාධයේ වේදනාව තවමත් පවතින බව මැතිව්ස් ප්‍රකට කළා. හදිස්සියේ පාදයේ ආබාධයකට ලක්වූ කුසල් පිටියෙන් ඉවත්වූයේ අසේල ගුණරත්නට පිතිකරණයේ වගකීම පවරමිනුයි. ඒ වන විට හතරේ පහර 05 ක් සමගින් ලකුණු 47 ක් කුසල් ඉනිමට එක්කර තිබුණා. නායකත්ව ඉනිමක් ක්‍රීඩා කළ ඇතිව්ස් අනගි ලකුණු 52 ක් නොදැවී ලබාගත්තේ අත්‍යාවශ්‍ය මොහොතකයි. ගුණරත්න නොදැවී ලකුණු 34 ක් ලබා ගත්තේ පන්දු 21 ක් පමණක් වැයකරමිනුයි. මේ අනුව ශ්‍රී ලංකාව කඩුලු 03 කට ලකුණු 322 ක් ලබා ගනිමින් තරගයේ ජය වාර් ථා කළේ තවත් පන්දු 08 ක් ඉතිරිව තිබියදීයි. ලංකාව ලැබූ මෙම පෙරලිකාර ජය හේතුවෙන් තරගාවලියේ ඉදිරියට යාමට ලංකාවට අවථාව ලැබුනේ බොහෝ විචාරකයින්ගේ අනාවැකි බොරු කරමිනුයි.
   

No comments:

Post a Comment