Monday, June 5, 2017

පාකිස්ථානයට වැරදුනු තැන

ශූරයන්ගේ කුසලාන තරගාවලියේ දී සදාකාලික සතුරන් වන ඉන්දියාව සහ පාකිස්ථානය අතර මූලික වටයේ තරගයක් පැවැත්වුණා. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්ථානය පළමුව පන්දුවට පහරදීමට ඉන්දියාවට  ආරාධනා කළා. මේ අනුව පිටියට පිවිසි ඉන්දියාව පන්දුවාර 48 කට කඩුලු 03 ක් පමණක් දැවී ලකුණු 319 ක් ලබා ගැනීමට සමත්වුණා. තරගයට  වර් ශාවෙන් එල්ලවූ භාධා නිසයි තරගයෙන් පන්දුවාර 02 ක් අඩු කිරීමට විනිසුරුවන් තීරණය කළේ. රොහිත් ෂර් මා ලකුණු 91 ක් / විරාත් කෝලි නොදැවී ලකුණු 81 ක් / ශිකර් ධවාන් ලකුණු 68 සහ යුවරාජ් සිං ලකුණු 53 ක් ලබා ගත්තා.

තරගයට දිගින් දිගටම එල්ලවූ වර් ශාවේ භාධා හේතුවෙන් පාකිස්ථානයට ජයග්‍රහණය සදහා පන්දුවාර 41 කදී ලකුණු 289 ක් ලබා ගන්නා ලෙසයි විනිසුරුවන් ප්‍රකාශ කළේ. මේ අනුව පිටියට පිවිසි පාකිස්ථානය සියල්ලන් දැවී පන්දුවාර 33 යි පන්දු 4 කදී ලබා ගත්තේ ලකුණු 164 ක් පමණයි. වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු අසාර් අලී ලකුණු 50 ක් ලබා ගත්තා. ලකුණු 33 ක් තුල අවසන් කඩුලු 05 දැවීයාම හේතුවෙනුයි මෙවැනි ලකුණු පුවරුවකට ඔවුන් සීමා වූනේ. මේ අනුව ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 124 ක ජයක් ඉන්දියාව සතුවූණා. තරගාවලියේ අද පැවැත්වෙන්නේ ඕස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය අතර තරගයයි.

No comments:

Post a Comment