• Breaking News

    ඇමති අනුමැතිය පරක්කුයි - මාලිංග ගෙදර යයි ?

    එක්දින සංචිතයෙන් තමන් ඉවත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කළ හොත් බෑග් එක අරගෙන ගෙදර යනවා යැයි ශ්‍රී ලංකා පිලේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා. ක්‍රීඩා ඇමතිවරයාගේ ප්‍රකාශයකට මාධ්‍ය හමුවේ පිළිතුරු දීම නිසා මාලිංගට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට තිදෙනකුගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇතැයි වාර්තා වනවා. ඒ සම්බන්ධයෙන් කළ විමසුමේදී මාලිංග මෙලෙස පිලිතුරු දුන්නා.
    “මම ඒ ප්‍රකාශය කරලා තියෙන්නේ ක්‍රීඩා අමාත්‍යවරයාටද? මම දන්නේ නෑ. කොහොම වුණත් මාව සංචිතයෙන් ඉවත් කළ හොත් කිසිම ප්‍රශ්නයක් නෑ. බෑග් එක ගත්තා ගෙදර ගියා. ඒක තමයි මට කරන්න තියෙන්නේ” යැයි මාලිංග පැවසුවා.
    මේ අතර තවමත් සිම්බාබ්වේ සමග තරග කිරීමට නියමිත ශ්‍රී ලංකා සංචිතය නම් කර නැහැ. ඒ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ අනුමැතිය ලැබී නැතිවීම නිසයි. කෙසේ වෙතත් එම අනුමැතිය අද සවස හිමිවනු ඇතැයි සදහන්.

    No comments