මාලිංගට දෙන්න යන දඩුවම
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ හදිසි විධායක කමිටු රැස්වීමක් අද පැවැත්වීමට නියමිතයි. එහිදී ප්රධාන පුහුණුකරු ෆෝඩ් මහතාගේ ඉල්ලා අස්වීම , අතුරු කාලයකට ප්රධාන පුහුණුකරුවකු පත්කිරීම , ලසිත් මාලිංගගේ විනය පරීක්ෂණය , සිම්බාබ්වේ කණ්ඩායමේ සංචාරය සහ වයස 23 පහළ දේශිය තරගාවලිය පැවැත්වීම යන කරුණු මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි. මාලිංගගේ විනය පරීක්ෂණය මෙම විධායක කමිටු රැස්වීම උණුසුම් කරනු ඇතැයි සදහන්. එමෙන්ම ප්රධාන පුහුණුකරුවකු බදවා ගැනීම පිලිබදවත් මෙහිදී තීරණය වනු ඇති බවයි වාර්ථා වන්නේ.
No comments