බැඩ්මින්ටන් ක්‍රීඩිකාවක් අමාත්‍යාංශ රැස්වීමකට හොරෙන් රිංගලා
ක්‍රීඩා අමාත්‍යාංශය වාද
විවාද වලින් උනුසුම් කරන්නට ජාතික බැඩ්මිනටන් සංගමයේ නිලධාරීන් කටයුතු කළා. ඒ
බැඩ්මින්ටන් සංගමයේ නිලවරණය පිලිබද දැනුවත් කිරීමට කැදවා තිබූ සාකච්ජාවකදීයි. ඊට
ආරාධනා කර තිබුනේ බැඩ්මින්ටන් සංගමයට අනුබද්ධ සංගම්වල නියෝජිතයිටයි. අනුබද්ධ සංගම්
13 අතරින් සංගම් 10 ක නියෝජිතයන් ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවති රැස්වීමට සහභාගී වී
සිටියා. එහිදී ද දින නියමයක් නැතුව කල් ගොස් ඇති නිලවරණය පවත්වන දිනයක් ප්‍රකාශ
කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන් අපොහොසත් වුණා. එහෙත් එහිදී නිලවරණ කමිටුවක්
පත් කිරීමට කටයුතු කෙරුණා. ඊට නම් යෝජනා කරනු ලැබුවේ පුර්ව සැලැස්මකට අනුවයි. නම්
යෝජනා කරනු ලැබුවේ බැඩ්මින්ටන් ක්‍රීඩිකාවක් වන චන්ද්‍රිකා ද සිල්වායි. ඇය මෙලෙස
නම් යෝජනා කිරීමත් සමගයි රැස්වීම උණුසුම් වුණේ. එහිදී මෙම රැස්වීමට ක්‍රීඩිකාවකට
සහභාගී විය නොහැකි බව බැඩ්මින්ටන් නියෝජිතයින් පැවසුවා. ඇය රැස්වීම පැවැත්වෙන
ස්ථානයට එක්ව ඇත්තේ කාගේ ආරාධනයෙන්දැයි ප්‍රශ්න කෙරුණා. මේ අනුව ඇයව රැස්වීමෙන්
ඉවත් කිරීමටයි ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරල් වරයා කටයුතු කළේ. පසුව නිලවරණ කමිටුවට
කිසිවකු නොදන්නා පුද්ගලයින් තිදෙනෙකු සමගින් නීතිඥයින් බව කියූ දෙදෙනෙකුවද ඇතුලත්
කිරීමටයි කටයුතු කෙරුනේ. කෙසේ වෙතත් මෙම පංච පුද්ගල කමිටුවට කිසිදු රාජකාරියක්
ඇත්තේ නැහැ. මේ පිලිබද කළ විමසීමකදී ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරල් වරයා පැවසුවේ බැඩ්මින්ටන් නිලවරණය කල්
දමා ඇති සංගමයේ විගණන වාර්ථාව විගණකාධිපති ලබන සතියේ ලබාදෙන බව ප්‍රකාශ කර ඇති
බවයි. එම වාර්ථාව ලැබුණු සැනින් නිලවරණය කැදවීමට මෙම කමිටුවට හැකිවන බවයි ප්‍රකාශ
කෙරුනේ. කෙසේ වෙතත් නිලවරණය නොපැවැත්වීම හේතුවෙන් ඉදිරියේදී ලංකාවට ජාත්‍යන්තර
බැඩ්මින්ටන් තහනමක්ද පැනවීමේ ඉඩකඩක් පවතිනවා.
No comments