• Breaking News

    චමරිගේ අර්ධ ශතකයට නසීලන්තය ශතකයකින් උත්තර දෙයි

    කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ඊයේ (24) පැවති තරගය කඩුලු 9කින් ජය ගැනීමට නවසීලන්තය සමත් වුණා. මෙම තරග පැවැත් වුනේ එංගලන්තයේ බ්‍රිස්ටල්හිදීයි. එහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත  පන්දු වාර 50 අවසානයේ ලකුණු 188ක් ලබා ගත්තා. චාමරී  අතපත්තු අනගි ලකුණු 53ක් ලබාගත් අතර ඊට හතරේ පහර 7ක් ඇතුළත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 37.4කදී එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. එහිදී  සුසී බෙට්ස් නොදැවී ලකුණු 106ක් ලබා ගත්තා. පකිස්ථාන කාන්තා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම අතර අද තරගයක් පැවැත්වීමට නියමිතයි.


    No comments