• Breaking News

    ටෙස්ට් තරගයට ලංකාව විස්සයි විස්ස ක්‍රීඩකයෝ දායි ?

    සිම්බාබ්වේ සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගය සදහා ශ්‍රී ලංකා සංචිතය තොරාගෙන ඇති බවයි වාර්ථා වන්නේ. ඊට එක්දින සංචිතයෙන් ඉවතට විසිවූ ලහිරු තිරිමාන්න ඇතුලත් වන බව සදහන්. නවක ක්‍රීඩක රොෂේන් සිල්වාට අවස්ථාවක් ලබාදීමටත් තීරණය කර ඇතැයි වාර්ථා වනවා. ඔහු තවමත් කිසිදු ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර නැහැ. එමෙන්ම මෙතෙක් කිසිදු තරගයකදී ඔහු ජාතික කණ්ඩායම නියෝජනය කර නැහැ. දිමුත් කරුණාරත්න , කෞෂාල් සිල්වා , රංගන හේරත් , දිල්රුවන් පෙරේරා ද ටෙස්ට් සංචිතයට ඇතුලත් බවයි වාර්ථා වන්නේ. දෙරට අතර එකම ටෙස්ට් තරගය ලබන මස 14 වැනිදා සිට කොළඹ ආර් ප්‍රේමාදාස ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතයි. කෙසේ වෙතත් තේරීම් කමිටු සාමාජිකයකු කියා සිටියේ ටෙස්ට් කණ්ඩායමට මෙලෙස ඇතුලත් ක්‍රීඩකයින් බහුතරය පන්දුවාර 20 යි 20 තරග සදහා වැඩි ප්‍රසිද්ධියක් දක්වන ක්‍රීඩකයින් බවයි. 


    No comments