• Breaking News

    වැස්ස බංග්ලාදේශයට පිහිට වෙයි

    ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ඔස්ට්‍රේලියාව සමග පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පිතිකරණයේ යෙදීමට බංග්ලාදේශය නායක මෂ්රෆී මොටාසා තීරණය කළා. මම තරගයේදී තමිම් ඉක්බාල් සාර් ථක ආරම්භයක් ලබා ගත්තද අනෙක් පිතිකරුවන්ට ඔහුට සහයක්වීමට හැකිවූයේ නැහැ. තමින් ලකුණු 95 ක් ලබා ගත්තේ හයේ පහර 3 ක් සහ හතරේ පහර  6 ක් සමගයි. ශකිබ් අල් හසන් තවත් ලකුණු 29 ක් ඉනිමට එක්කළා. හසන් ලකුණු 14 කට දැවී ගියා. අනෙක් කිසිදු පිතිකරුවකුට ලකුණු 10 සීමාව පසුකිරීමට සමත්වූයේ නැහැ. මේ අනුව සියල්ලන් දැවී කණ්ඩායමේ ලකුණු පුවරුව කිය වුනේ 182 ක් ලෙසයි. මම ලකුණු පුවරුව හබායාමට පිටියට පිවිසි ප්‍රභල ඔස්ට්‍රේලියාව එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 83 ක් පමණක් ලබා සිටියේ පන්දුවාර 16 කට පමණක් මුහුණ දෙමිනුයි. ඩේවිඩ් වෝනර් නොදැවී ලබා ගත් ලකුණු 40 ද ඊට ඇතුලත් වූණා. එහෙත් තරගයට වර් ශාවෙන් භාධා එල්ලවීම නිසා තරගය අතහැර දැමීමටයි විනිසුරුවන් තීරණය කළේ. ජය පැරදුමෙන් තෙරව තරගය අවසන් වූ නිසා කණ්ඩායම් දෙකටම එක් ප්‍රසාද ලකුණ බැගින් හිමිවූණා. තරගාවලියේ එංගලන්තය සහ නවසීලය්තය අතර තීරණාත්මක තරගය අද පැවැත්වෙනවා.


    No comments