• Breaking News

    මහේල ඉන්දියාවේ ජය වර්ධනය කරන්න බෑ කියයි

    කට කතා පැතිර යන නමුත‍් පූර්ණ කාලීනව ඉන්දීය පුහුණුකාර තනතුරක් දැරීමට බලාපොරොත්තුවක් නැති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන මහත පවසනවා. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර තනතුර මහේල ජයවර්ධන බාරගැනීමට නියමිත බවට ඇතැම් දෙස් විදෙස් වෙබ් අඩවි වාර්තා කර තිබුණද, එම පුවත ප්‍රතික්ෂේප කරමින් මහේල ජයවර්ධන මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් උක්ත ප්‍රකාශය සිදුකර තිබෙනවා. එසේ වුවද, තමන් දැනට දායකත්වය ලබාදී ඇති ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන් කණ්ඩායමේ හා බංග්ලාදේශ ප්‍රීමියර් ලිීග් තරගාවලියේ කුල්නා ටයිටන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස දිගටම කටයුතු කරනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

    No comments