අතපත්තුගේ ශතකය අපරාදේ
කාන්තා ක්‍රිකට් ලෝක
කුසලාන තරගාවලියේ ඕස්ට්‍රේලියාව සමග පැවති තරගයේදී කඩුලු 08 කින් ශ්‍රී ලංකා
කාන්තා කණ්ඩායම පරාජය වුණා. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියා නායිකාව
පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ලබාදුන්නා. එහිදී
හුදකලා සටනක නිරතවෙමින් චමරි අතපත්තු ශතකයක් ලබාගත්තේ ලෝක කුසලාන තරගාවලියක ශතකයක්
වාර් ථා කළ මෙරට පලමු ක්‍රීඩිකාව වෙමිනුයි. ඇයට නිසි සහයක් කිසිම ක්‍රීඩිකාවකගෙන්
ලැබුනේ නැහැ. චමරි නොදැවී ලකුණු 178 ක් ලබාගත්තේ පන්දු 143 ක් පමණක් වැය කරමිනුයි.
ඊට හයේ පහර 6ක් හතරේ පහර 22ක් ඇතුලත් වුණා. ශෂිකලා සිරිවර් ධන ලකුණු 24 යි. නියමිත
පන්දුවාර 50 අවසානයේ කඩුලු 09 ක් දැවී ශ්‍රී ලංකාව ලකුණු 257 ක් ලබා ගත්තේ
සියල්ලන් මවිත කරමිනුයි.
මෙම ඉලක්කය හබායාමට
පිටියට පවසි ඕස්ට්‍රේලියාව කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 262 ක් ලබා ගනිමින් ජයග්‍රහනය
කළා. කඩුලු 08 කින් තරගය ජය ගැනීමට දායක වූ මෙග් ලැනින් ලකුණු 152 ක් ලබාගත්තා.මේ
අනුව ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මුහුණ දුන් තරග සියල්ල පරාජය
වී තිබෙනවා. ශ්‍රී ලංකාවට මීලඟ තරගය ලබන 02 වැනිදා සත්කාරක එංගලන්තය සමගින් තරගවැදීමට නියමිතයි.
No comments