Tuesday, June 20, 2017

යලිත් ලංකාවට විදෙස් පුහුණුකරුවන් එයි ?

2018 ආසියානු සහ පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලි සහා සහභාගී වන ශ‍්‍රී ලංකා කණ්ඩායම් සූදානම් කිරීමේ විශේෂ රැස්වීමක් ක‍්‍රීඩා අමාත්‍ය නිතිඥ දයාසිරි ජයසේකර මැතිතුමාගේ ප‍්‍රධානත්වයන් පසුගියදා ක‍්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්වුණා. ඊට මළල ක‍්‍රීඩා, අත්පන්දු, දැල් පන්දු ආදී ක‍්‍රීඩා කණ්ඩායම් 25කට අයත් ක‍්‍රීඩා සම්මේලන නිලධාරීන් සහභාගීව සිටියා. ක‍්‍රීඩා අමාත්‍යවරයා ඔවුන් වෙත දැනුම් දුන්නේ සැප්තැම්බර් මාසය අවසන් වන විට සියලූ තේරීම් කටයුතු සිදුකර සංචිතගත කිරීම් අවසන් කරන ලෙසයි.
ක‍්‍රීඩා සංගම් නියෝජනය කරමින් පැමිණි නිලධාරීන්ට මෙහිදී තමන් මුහුණ දෙන ගැටළු පිළිබව අමාත්‍යවරයාව දැනුවත් කිරීමට ද අවස්ථාව හිමි වුණා. එහිදී විදේශ පුහුණුකරුවන් ගෙන්වාගැනීම, ක‍්‍රීඩා උපකරණ හා අනෙකුත් පහසුකම්වල අවශ්‍යතාව වැනි ගැටළු අමාත්‍යවරයා වෙත ඉදිරිපත් වූ අතර ක‍්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන් සමග සාකච්ඡා කර සැප්තැම්බර් මාසය වන විට එම සියලූ ගැටලූ විසදීමට අවශ්‍ය පියවර ගැනීමට තීරණය කළා.

No comments:

Post a Comment