Thursday, June 15, 2017

කායවර්ධන සභාපති තමන්වම වර්ධනය කරගෙන මාට්ටු

කායවර්ධන සංගමයේ සභාපති කිත්සිරි ප්‍රනාන්දු මහතාට එරහිව ක්‍රීඩා අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මේ හේතුවෙන් ඔහුට මෙවර නිලවරණයට ඉදිරිපත් විය නොහැකි වාතාවරණයක් නිරිමාණය වී ඇතැයි සදහන්. මෙයට හේතුවී ඇත්තේ සභාපතිවරයාගේ ක්‍රියාකලාපයයි. ඔහු සංගමයේ මූල්‍ය වංචා රැසක් සිදුකර ඇති බවටයි චෝදනා එල්ල වී ඇත්තේ. මිස්ට ශ්‍රී ලංකා තරගයට එක්වූවන්ගෙන් සභාපතිවරයා මුදල් ලබාගෙන ඇතත් බිල් ලබාදී නැහැ. ඒ පිලිබද සභාපතිවරයා විවිධ කතා කිව්වත් කිසිවක් ඔප්පු කිරීමට ඔහු සමත්ව නැහැ. සභාපතිවරයාගේ පසුපසින් සිටින්නේ කායවර්ධන සංගමයෙන් ඉවත්කළ චන්දන අලුත්ගේ මහතායි. චන්දන කලක සිට සංගමයට විණ කල අයෙක් බව රහසක් නොවේ. ඔහු හිටපු සභාපති කපිල කුමාර මහතා සමගද අවස්ථා ගණනක ගැටුම් ඇතිකරගත්තා. එහෙත් කිසිදු විටක කපිලව තම මතයට නම්මවා ගැනීමට චන්දනට හැකිවූයේ නැහැ.

ජාතික කායවර්ධන සංගමයේ නිලවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ පසුගිය මැයි 27 වැනිදායි. එහෙත් සභාපතිට විරුද්ධව ක්‍රිඩා අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබීම සහ දිස්ත්‍රික් සංගම් පිහිටුවා නැතැයි පවසා නිලවරණය අවලංගු කළා. පසුගිය මැයි 31 ට පෙර නිලවරණය පැවැත්විය යුතු වුවත් මෙතෙක් එය පවත්වා නැහැ. නිලවරණයට දින නියම කිරීමක් හෝ සිදුකර නැහැ. මේ තුලින් කඩා වැටෙන්නේ මෙරට කායවර්ධන ක්‍රීඩාව බව අමුතුවෙන් කිව යුතු නැහැ.

No comments:

Post a Comment