ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ඉන්දියාව සමගින් තීරණාත්මක
තරගයකට ශ්‍රී ලංකාව හෙට තරගවැදීමට නියමිතයි. තරගයට පෙරම අවාසනාව ලංකාව සොයා ආවා. චාමර කපුගෙදර අවාසනාවන්ත ලෙස පාදයේ
ආබාදයකට ලක්ව සිටිනවා. ඔහු තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙල ශක්තිමත් කරනු
ලැබුවා. පරාජය වූ මූලික වටයේ දකුණු අප්‍රිකාව සමග වූ තරගයේදීත් චාමර ශ්‍රී ලංකා
කණ්ඩායම නියෝජනය කළා. හෙට තරගයේදීත්
වේගයෙන් ලකුණු ලබාගතහැකි චාමර ක්‍රීඩා කිරීමට නියමිතව සිටියා. කෙසේ වෙතත්
පුුහුණුවීම් අතරතුර ඔහු ආබාධයකට ලක්වූයේ කිසිවකු නොසිතූ ලෙසයි. මෙම ආබාධය හේතුවෙන්
ඇතැම්විට ඔහුට තරගාවලිය අතහැර විවේක ගැනීමට යලි මව්රටබලා පැමිණීමට සිදුවනු ඇති. ඒ පිලිබද ශරීර යෝග්‍යතා
පරීක්ෂණයක් පසුව අවසන් තීරණය ගනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. චාමර
වෙනුවට ධනුෂ්ක ගුණතිලකව ශූරයින්ගේ කුසලානයට යැවීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
තීරණය කර ඇත්තේ. ධනුෂ්ක ආරමිභක පිතිකරුවකු ලෙස නමක් දිනාගත්තකු බව නොරහසක්.
තරගාවලියේ ඉදිරියට යෑමට හෙට පැවැත්වෙන ඉන්දියාව සමග තරගය ලංකාව ජය ගත යුතුමයි.
No comments:
Post a Comment