• Breaking News

    සිම්බාබ්වේ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට ඇස් ඇරෙන්න ටොකු අනී

    සංචාරක සිම්බාබ්වේ සමග පැවති පළමු එක්දින තරගය ශ්‍රී ලංකාව පරාජයට පත්වුණා. සිම්බාබ්වේ හමුවේ ශ්‍රී ලංකාව පරාජය වූ පළමු අවස්ථාව ලෙසයි මෙය ඉතිහාස ගතවන්නේ. මෙම තරගයේ කාසියේ වාසිය දිනා ශ්‍රී ලංකාව පළමුව පිතිකරණයේ යෙදීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකාව කඩුලු 5 ක් දැවී ලකුණු 316 ක් ලබා ගත්තා. කුසල් මෙන්ඩිස් ලකුණු 86 ක් ලබා ගත්තා. උපුල් තරංග නොදැවී ලකුණු 79 ක් ලබා ගනිද්දී ධනුෂ්ක ගුණතිලක ලකුණු 60 ක් ලබා ගත්තා.
    පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම ලබාදුන් උඩපන්දු කිහිපයක්ම ශ්‍රී ලංකාව අතිනි ගිලිහී ගියා. මේ අනුව කඩුලු 04 ක් පමණක් දැනී ලකුණු 322 ක් ලබා ගනිමින් තරඟයේ ජය ලබා ගත්තා. ශ්‍රී ලංකාවට එරහිව පළමු වරට ලැබූ මෙම ජයග්‍රහණයේ නියමුව වෙමින් සොලමන් මිරේ ලකුණු 112 ක් ලබා ගත්තා. විලියම්ස් ලකුණු 65 ක් ලබා ගනිද්දී ශිකන්දර් රාසා නොදැවී තවත් ලකුණු 67 ක් ඉනිමට එක්කලා.ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී පැවති මෙම තරගය නැරබීමට පැමිණ සිටි ප්‍රේක්ෂකයන් ලබාපොරොත්තු සුන් වූ අයුරක් ප්‍රදර්ශනය කරමින් පිටව ගියා. මෙම තරගයට ශ්‍රි ලංකාව ක්‍රීඩා කළේ ප්‍රධාන පුහුණුකරු නැතුවයි. සංචාරය කට උඩ තිබියදී පුහුණුකරුට ඉවත්ව යාමට මෙරට බලධාරීන් ඉඩ ලබාදීමේ අනිටු විපාක මෙම පරාජයෙන් පෙන්නුම් කරනවා. අවශ්‍යතාවක් තිබුනේ නම් ඔහුගේ ඉල්ලා අස්වීම මෙරට ක්‍රිකට් බලධාරීන්ට නොපිලි ගන්න තිබුණා.

    No comments